අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදන්වූවන් ගැන වැඩිදුර සාක්ෂි විමර්ශන ඇරඹේ

    ඔක්තෝබර් 09, 2015

    අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි විමර්ශනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

    පස් දෙනෙකුගෙන් යුත් විශේෂ විමර්ශන කණ්ඩායමක් මේ සඳහා පත් කර ඇති බව එම කොමිෂන් සභාවේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා සඳහන් කළේ ය.

     

    විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති එම විමර්ශන කණ්ඩායම මේ දිනවල කිළිනොච්චිය ප්‍රදේශයේ සාක්ෂි ලබා ගැනීමේ කටයුතු සිදු කරන බව වාර්තා වේ.

     

    අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවට ලැබුණු පැමිණිලි පිළිබඳ දිස්ත්‍රික්ක මට්ටමෙන් වාචික සාක්ෂි සටහන් කර ගැනීම පසුගිය කාලවල සිදු කෙරුණි.

     

    ඒ අනුව අදාළ පැමිණිලි පිළිබඳ වැඩිදුර සාක්ෂි විමසීම සඳහා අදාළ ප්‍රදේශවලට ගොස් සාක්ෂි සටහන් කර ගැනීම මෙම විමර්ශන කණ්ඩායම විසින් සිදු කරන බව මැක්ස්වෙල් පරණගම මහතා සඳහන් කළේ ය.

     

    මන්නාරම දිස්ත්‍රික්කයෙන් ලැබුණු පැමිණිලි 60ක් පිළිබඳ මේ වනවිටත් වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම සිදුකර ඇති අතර කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ ද පැමිණිලි 60ක් සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතයි.

     

    මෙම විමර්ශන කණ්ඩායම විසින් සති දෙකක කාලයක් කිළිනොච්චිය දිස්ත්‍රික්කය තුළ සාක්ෂි සටහන් කර ගැනීමේ කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බව මැක්ස්වෙල් පරණගම මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya