අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'නැණ පහන" තරුණ සංවර්ධන වැඩ සටහන ඇර‍‍ඹේ

    ජූලි 05, 2015

    නව පරපුරේ දරුවන්ගේ දක්ෂතා සහ හැකියාවන් අගය කරමින් ඔවුන් හැකියාවෙන් පරිපුර්ණ වෘත්තිකයින් බවට පත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම "නැණ පහන" තරුණ සංවර්ධන වැඩ සටහන ක්‍රියාත්මක කර ඇත.

     

    මේ සඳහා ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ  කාර්ය මණ්ඩලයේ දු දරුවන් සහභාගී කර ගැනේ. සමස්ත වැඩ සටහන සදහා තරඟ විභාගයක් පවත්වා සිසුන් 25 දෙනෙකු තෝරා ගන්නා ලද අතර  එහිදී සාමාන්‍ය දැනුම ඉංග්‍රිසි භාෂා දැනුම සහ ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳ දැනුම සලකා බැලෙයි.

     

    මෙම වැඩ සටහන යටතේ ප්‍රවීන දේශක මණ්ඩලයක් විසින් ලබා දෙන දැනුම තුලින් සිසුන්ගේ පුද්ගල කුසලතා ප්‍රමුඛත්ව කළමනාකරණ නිපුණත්වය සහ සන්නිවේදන හැකියාව යන කරුණු සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.

     

    මෙම වැඩ සටහන සාර්ථකව අවසන්කරන සුදුසුකම් ඇති සිසුන් සදහා ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ ගුවන්සේවා පුහුණු පාසල හා සම්බන්ධවීමේ අවස්ථාව උදා වේ. මෙම පුහුණු පාසලේ ලියාපදිංචි වීමේදී 25% ක විශේෂිත වට්ටම් සහිත ගාස්තු යටතේ එම පාසලේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවද හිමිවනු ඇත.

     

    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya