මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ නියාමන අධිකාරිය ස්ථාපිත කළ පසු ඖෂධීය නාමයෙන් පමණක් රෝගීන්ට ඖෂධ

    ජූලි 03, 2015
    ඖෂධ නියාමන අධිකාරිය ස්ථාපනය තුළින් ඉදිරියේ දී වෙළෙඳ නාමයෙන් තොරව ඖෂධීය නාමයෙන් පමණක් රෝගීන්ට ඖෂධ නිකුත් කළ හැකි බවත් මෙමඟින් මිනිස්සුන්ට දැනෙන පළවෙනි දෙය ඖෂධ මිල අඩුවෙනවා ද නැද්ද යන්න බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා පැවසීය.
     
    ජාතික ඖෂධ නියාමන අධිකාරිය ස්ථාපනය කිරීමේ නිල උත්සවය ඊයේ  (02) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජාතික ඖෂධ අධිකාරි ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි. එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.
     
    දිර්ඝ ඉතිහාසයක් තිබෙන මේ ගමනේ අලුත් පියවරක් අරඹන අවස්ථාවක් මෙය. මේ රටේ මුලින්ම මෙවැනි නියාමනයක් ඔෂධවලට තිබිය යුතුයි කියන මතය  ඉදිරිපත් කළේ මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමා. මෙම මතය ලෝකයේ නොයෙකුත් ස්ථානවල මෙවැනි විද්වතුන් ගෙනාවා. ඒ අයට නොයෙකුත් දුක්ගැහැට විඳින්නට සිදු වුණා. අදටත් කියන්න බැහැ ඒ අය මරණයට පත් වුණේ සැලසුම් සහගතව ද ස්වභාවිකව ද කියලා. 
     
    අද ඇමරිකාවේ ඖෂධවලින් සියයට 85ක් ඖෂධ නාමයෙන් භාවිත කරන්නේ. ඇමරිකාව තමයි විවෘත ආර්ථිකයේ දේවස්ථානය. ඇමරිකාවේ, බි‍්‍රතානයේ වෛද්‍යවරුන් සියයට 85ක් ඖෂධ ලියන්නේ ඖෂධීය නාමයෙන්. නූතන ලෝකය මහාචාර්ය සේනක බිබිලේ කිවුව දේ පිළි අරගෙන ගමන් කරලා ඉවරයි. එය අපි පිළිනොගන්නට කිසිම හේතුවක් නැහැ. ඒ ඖෂධීය නාමයෙන් ගේන්න නම් අපිට ඖෂධ තත්ත්ව පරීක්ෂණාගාරයක් තිබෙන්නට ඕනෑ. චීන රජයෙන් එය අපට ලබාදෙන්න පොරොන්දු වුණා. ඒ මඟින් මේ රටේ සිටින සියලු ම වෛද්‍යවරුන්ට හැම ඖෂධයකම නියම ගුණය ගුණාත්මකභාවය බලාගන්න පුළුවනි.
     
    ඖෂධ කර්මාන්තයත් ආරක්ෂා කර ගෙන, ඖෂධ නියාමනයත් කරලා,  පළමුවෙන්ම ඖෂධ මිල අඩුවෙන්නත් අවශ්‍යයි. එවිට මිනිස්සු කියයි මේක නියම වැඩක් කියලා.  ලෝකයේ තිබෙන වෙළෙදාම්වලින් භයානකම වෙළෙඳාම අවි ආයුධ වෙළෙඳාම, ඊට පස්සේ තිබෙන ලොකු ම වෙළෙදාම ඖෂධ. මේවා පිළිබඳ විශාල මාෆියාවක කතා අපිට ඇහෙනවා. රාජ්‍ය ඖෂධ සංස්ථාව හැදූ මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ගෝලයෙක් විදිහට මට විශාල ආශ්වාදයක් මේ පනත ගේන්නට හැකිවීමයි.  ඖෂධ නියාමන පනත ගේන්න තිබුණේ මාර්තු 18 වෙනිදා. මම ඒක මාර්තු 02 වෙනකොට ගෙනාවා දින සියයේ වැඩසටහනට. හුඟාක් අය ඇහුවා ඇයි මෙච්චර ඉක්මන් වුණේ කියලා. පාර්ලිමේන්තුවේදීත් ඇහුවා. යමක් කරනකොට අහනවා ඇයි මේක කරන්නේ කියලා.  කරන්නේ කොහොමද එහෙමත් අහනවා. මේ ලංකාවේ සිදු වූ පරිවර්තන එකක්වත් කැමැත්තෙන් ආපු ඒවා නොවෙයි. පළාත් සභා පනත ගේනකොට රට ගිනි තිබ්බා. පළා බබා එපා කියපු මිනිස්සු අද පළාත් සභාවේ මහ ඇමැතිවරු, අද අපි මෙම නියාමන අධිකාරිය පිහිටවුවායින් පස්සේ එහි රෙගුලාසි ගේන්නට ඕනෑ. නියාමන කොමිෂන් සභාවක් පත් කර ගන්නට අවශ්‍යයි. පසුගිය 30 දින මධ්‍යම රාත‍්‍රියේ සිට මෙය ක‍්‍රියාත්මක වන ලෙස මෙය පිහිටුවන්නේ. ලංකා ඉතිහාසයේ පළමුවරට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවනවා. ස්වාධීන මෙතෙක් කල් දෙපාර්තමේන්තුවක වැඩ කරපු අප අධිකාරියට යනවා. අධිකාරියකට වඩා ස්වාධීනව වැඩ කටයුතු සිදුකර ගත හැකියි. මෙම අධිකාරිය පිහිටු වීමෙන් පසු මගේ උපදෙස් නැතිව ක‍්‍රියාකළ හැකියි. අධිකාරිය තමයි තීන්දු ගන්නේ යැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya