අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරිසරික සන්නිවේදනයේදී මාධ්‍යවේදියාට ඇති වගකීම අති විශාලයි

    ජූලි 03, 2015
     
    පාරිසරික සන්නිවේදන කටයුත්ත ඉතා මැනවින් සිදු කිරිම මගින් පරිසර හිතකාමී සංවර්ධනයක් ඇති කරගත හැකි බවත් ඊට සුදුසුම පුද්ගලයා මාධ්‍යවේදියා වන බැවින්  පාරිසරික සන්නිවේදනය පිළිබද මාධ්‍යවේදීන්ගේ දැණුම යාවත්කාලීන කිරීම වැදගත් සමාජ අවශ්‍යතාවක් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය පැවසුවාය.
    ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය මේ බැව් සදහන් කළේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අනුබද්ධ මාතලේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සංවිධානය කළ පාරිසරික ජනමාධ්‍ය වැඩමුළුවක් අමතමිනි.
     
    පරිසරය  රැක ගැනීමෙහිලා මාධ්‍යවේදීන්ගෙන් සිදුවන සේවය අතිවිශාල බවද,  එසේ වුවද පාරිසරික සන්නිවේදන විෂය ක්ෂේත්‍රය ආපදා විශ්ලේෂණය, ආපදා සන්නිවේදනය,ආදි වශයෙන් විෂය ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ අධ්‍යනය කළ යුතුව ඇති බවද ඒ මහත්මිය තවදුරටත් පැවසූවාය.
     
    පසුගියදා  මාතලේ දිස්ත්‍රික් ලේකම් නීල්ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් දිසා ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී මෙම වැඩමුළුව පැවත්වු අතර මේ සදහා මාධ්‍යවේදීන් 50 පමණ සහභාගී වී සිටියහ.
     
    මෙහිදි තවදුරටත් අදහස් දැක්වු දර්ශණි ගුණතිලක මහත්මිය 
    මාධ්‍යවේදියාගේ කාර්යභාරයේදී සෘජුව නිවැරදිව, සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.  එහිදි මාධ්‍ය ආචාර ධර්ම රැක ගැනීමද වැදගත් වනවා මෙන්ම පාරිසරික සන්නිවේදනයේදී විද්‍යාත්මක කරුණු කෙරෙහිද මාධ්‍යවේදියාගේ අවධානය යොමු විය යුතුයි.එසේම මාධ්‍යවේදීයා කිසිවෙකු ඉදිරියේ නොනැමෙන ශක්තිමත් පිට කොන්දක් සහිත පුද්ගයෙකු වීමද ඉතා වැදගත් බවත් සෙසු දුෂණ වංචා හෙළි කරනවා සේම පරිසරය විනාශ කරන්නන් පිළිබදව මාධ්‍ය මගින් හෙළි කොට සමාජයේ දැනුවත් බව ඇති කිරීම කාලීන අවශ්‍යතාවක් බවද පෙන්වා දුන්නාය.
     
    කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ  කථිකාචාර්ය  මනෝජ් පුෂ්ප කුමාර ජිනදාස මහතා පැවසූවේ ලෝක ජනගහනය වැඩිවීමට සාපේක්ෂව නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවිම පිණිස කර්මාන්ත ශාලා ව්‍යාප්ත කිරීම හේතුකොට ගෙන පාරිසරික සමතුලිතතාව මෙන්ම පෘතුවියේ ජීවන තත්ත්වයද අර්බුදයකට ලක්ව ඇති බවයි.
     
    ඇමරිකාව , බ්‍රිතාන්‍ය ඇතුලු යුරෝපිය රටවල කර්මාන්ත ශාලා බහුලවීම නිසා  විවිධ පාරිසරික  හා සමාජ ගැටලු පැන නැගී ඇති බවත් මේ නිසා සංවර්ධන ක්‍රියාවලියේදී පරිසරය රැකගත හැකි උපාය මාර්ග භාවිතා කිරීම හා මේ සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමෙහිලා මාධ්‍යවේදීන්ට විශාල වගකීමක් ඇති බවද පෙන්වා දුන්නේය.
     
    මාතලේ දිසාලේකම් නීල් ද අල්විස් මහතා තම අදහස් දක්වමින් මාතලේ සංවර්ධන සහ පරිපාලන  ක්‍රියාවලියේදී දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ගෙන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයිය මාධ්‍ය ඒකකයෙන් විශාල සහයෝගයක් ලැබෙන බවත් දිස්ත්‍රික්කයේ විවිධ ගැටලු ප්‍රශ්න මාධ්‍ය මගින් හෙළිකරන්නා සේම පරිසරය රැක ගැනීම සදහා  සමාජය දැනුවත් කිරීමටද මාධ්‍යව්දීන් තව තවත් ක්‍රියා කළයුතු බවද පැවසීය.
     
    පාරිසරික නීතිය සහ සන්නිවේදනය  තේමාව යටතේ කතා කළ  නීතිඥ ප්‍රදීපා ගනේආරච්චි මහත්මිය සදහන් කළේ පාරිසරික සන්නිවේදන කටයුතුවල යෙදෙන මාධ්‍යවේදියා පරිසර නීතිය පිළිබදව දැනුවත්ව සිටිම මාධ්‍ය කටයුතුවලට පිටුවහලක් වෙන බවත්  එය පරිසරය රැකගැනීමට ඉවහල්වන බවත්ය. 
     
    AP/DMU- Matale
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya