අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘ව්‍යවසායකත්ව සම්මාන 2015‘ දියත් කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ප්‍රධානත්වයෙන්

    මැයි 31, 2015

    ව්‍යවසායකත්ව සම්මාන 2015 දියත් කිරීම පසුගියදා (27 දා) කොළඹ රමාඩා හෝටලයේ පැවති උත්සවයකදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් සිදුකරන ලදී.

     

    ශ්‍රීලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ව්‍යවසාය සම්මාන උලෙළ මේ වසරේ දෙසැම්බර් 30 දා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, 1993 වසරේ සිට පවත්වනමෙම සම්මාන උලෙළ මෙවර පැවැත්වෙන්නේ 20 වන වරටය.

     

    අඛන්ඩව වසර 20ක් ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් ඇගයීමට ලක්කරන ජාත්‍යන්තර මට්ටමේ එකම සම්මාන උලෙළ මෙම සම්මාන උලෙළ වේ. කුඩා, මධ්‍ය, විශාල හා මහා පරිමාණ ලෙස අංශ 4කින් යුක්තව පැවැත්වෙන මෙම සම්මාන උලෙළේ මෙවර තේමාව ව්‍යාපාර වීරයෝලෙස හදුන්වා දී ඇත.

     

    මෙහිදී ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ප්‍රකාශ කලේ ලෝක ව්‍යවසායකත්ව දර්ශකයේ 71 වන ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී ඇති බවත් ආසියානු-පැසිපික් කලාපයේ රටවල් අතර එය 11 වන ස්ථානය බවත්ය.

     

    මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් බදියුදීන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රටේ ආර්ථිකයට අති මහත් දායකත්වයක් දක්වන ව්‍යවසායකයින් මෙලෙස ඇගයීම ඉතා වැදගත් බවත් මෙවැනි වැදගත් ලෝක දර්ශක වල ඉදිරියට යාමට මෙවැනි ඇගයීම් ඉවහල් වනු ඇති බවයි.

     

    ජාතික ආර්ථිකයේ ව්‍යවසායකයින්ට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක් වන අතර එහිදී ඔවුන් ඉතා වැදගත් කාර්යක් සමාජයට සිදුකරන බවත් රැකියා අවස්ථා ඇතිකරමින් ඵ් හරහා ආර්ථික සංවර්ධනයට අමතරව සමාජ සංවර්ධනයක්ද ඔවුන් විසින් කරනවා යැයිද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya