අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුරය - මිහින්තලය පොසොන් වන්දනා සඳහා යන බැතිමතුන්ට නොමිලේ ප‍්‍රවාහන පහසුකම් සැලසේ

    මැයි 31, 2015

    මෙවර පොසොන් උත්සවය නිමිති කරගෙන සිදු කරනු ලබන මිහින්තලා සඳහම් වන්දනාව සඳහා යන බැතිමතුන්ට එටිසලාට් ආයතනය අනුග‍්‍රහයෙන් නොමිලේ ගමන් පහසුකම් සැලසීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කෙරේ.

     
    මේ යටතේ හෙට (01) දිනයේ සිට 03 වෙනි බදාදා දක්වා  වූ තෙදින තුළ අනුරාධපුරය හා මිහින්තලය අතර විශේෂ දුම්රිය ගමන් වාර 70 ක් පමණ නොමිලේ ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.
     
     
    ඒ අනුව  ඕනෑම දුම්රිය ස්ථානයකින් අනුරාධපුරය දුම්රිය ස්ථානය වෙත නිකුත් කරනු ලබන වලංගු ප‍්‍රවේශ පත‍්‍රයක් අතැති මඟියෙකුට එම ප‍්‍රවේශ පත‍්‍රය හෝ අනුරාධපුරය හා මිහින්තලය හංදිය යන දුම්රිය ස්ථාන වලින් නොමිලේ නිකුත් කරනු ලබන විශේෂ ප‍්‍රවේශ පත‍්‍රය උපයෝගී කරගෙන අනුරාධපුරයට හා මිහින්තලයට දුම්රියෙන් ගමන් කළ හැකි බව ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය වාණිජ අධිකාරි ජී. ඩබ්ලිව්. එස්. සිසිර කුමාර මහතා දන්වා සිටියි.
     
    PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya