මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට තරුණ නායකත්ව පුහුණුවක්

    ජූනි 01, 2015

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක තෝරා ගත් තරුණ නායක නායිකාවන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගිය 28 හා 29 දෙදින පුරා පැවැත් විණි.

    හුංගම එරමිණියාය කෘෂි තාක්ෂණික පුහුණු ආයතනයේ දී නේවාසිකව පැවැති මේ පුහුණු වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් ක්‍රියාත්මක කෙරිණි.

    තරුණ නායිකාවන් 40 දෙනෙකු මෙම පුහුණුවට සහභාගි වූ අතර මෙහිදී ඔවුන් සියලු ආපදාවන් පිළිබඳව හා ආපදාක දී ජනතාව බේරා ගැනීම, එහිදී ක්‍රියාත්මක වීම, ආරක්ෂිත ස්ථාව වෙත යොමු කිරීම, කඳවුරක් පවත්වාගෙන යාම, ප්‍රථමාධාර ලබාදීම, ගිනි නිවීම ඇතුළු විෂයන් රැසක් යටතේ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණු වැඩසටහන පැවැත්විණි.

    මෙම වැඩසටහනට මූල්‍ය දායකත්වය රුහුණු වෙල්ලස් සම්මේලනය ලබා දී තිබෙන අතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ බලසන නායක රජිත ගුණසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ සහකාර සාමාන්‍යාධිකරණ නිලධාරී හා බලාත්මක නිලධාරී එම්.ඩී.එන්. පුෂ්පකුමාර, සැරයන් ප්‍රසන්න යන පිරිස මෙම අවස්ථාවට එක් වූහ.

    kpm/JP_DMU_Hambanthota

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya