මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ලේ කුරුඳු වගාවට අතහිත

    මැයි 29, 2015

    ගාල්ල දිස්ත්‍රික්කයේ කුරුඳු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා නොමිළේ පැල ලබාදීම, වාරික ක්‍රමය යටතේ ණය ලබා දීම සහ ආයොජන, ආධාර ලබා දීමට ඉදිරි කාලයේ දී කටයුතු කරන බවත් කුරුඳු සැකසුම් වැඩි කිරීමට ඉහළ ප්‍රතිපාදන යොමු කිරිමට බලාපොරොත්තු වන බවත් පසුගිය 26 දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා රෝහිනී පලගසිංහ මහත්මිය පැවසුවාය.

    මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ රෝහිනී පලගසිංහ මහත්මිය පෙන්වා දුන්නේ මෙම වසරේ අප්‍රේල් මාසයෙන් පසුව දෙපාර්තමේන්තුවේ සංවර්ධන වැඩසටහන් සංශෝධනය වී ඇති බවත් කලාපීය මට්ටමින් වගා කටයුතු සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්ය. එමෙන් ම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා මුදල් ලබා දීම හේතුවෙන් ඉලක්ක ගත සංවර්ධන යොජනා ඉටුකර ගැනීමට හැකිවනු ඇතැයි ද රොහිණි පලගසිංහ මහත්මිය මෙහිදී පැවසුවාය.

     

    දිස්ත්‍රික්කයේ අපනයන කෘෂිකර්ම සංවර්ධන කටයුතු සදහා මුදල් ලබාගැනීමට දැක්වූ සහාය පිළිබදව දිස්ත්‍රික් කෘෂී අධ්‍යක්ෂිකාව ගාල්ල දිසා ලේකම් වරයා වෙත මෙහි දී සිය ස්තූතිය පල කලාය.
    MAP/SH_dmu_galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya