මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමවිනිසුරු පදවියෙන් ව්‍යාපාර කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර

    මාර්තු 27, 2015
    රාජ්‍ය  ආයතන ඉදිරිපිට අහිංසක ජනතාවගෙන් මුදල් ලබා ගන්නා ව්‍යාපාරික සාම විනිසුරුවරුන් වැටලීම ඉදිරි දිනවලදී ආරම්භ කරන බව 
    අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
     
    ප්‍රජාවේ උන්නතිය සඳහා පුළුල් සමාජ මෙහෙවරක් ඉටු කිරීමට හැකියාව තිබියදී සාමවිනිසුරු පදවි ලැබු අතලෝස්සක් එම වගකීම්වලින් බැහැරව කටයුතු කරමින් රාජ්‍ය ආයතන ඉදිරිපිට ප්‍රසිද්ධියේ ව්‍යාපාරික අරමුණු මත රැඳි සිටිමින් අහිංසක ජනතාවගෙන් මුදල් අය කරමින් සාමවිනිසුරු පදවිය භාවිතා කර සිදු කරන මෙම නීති විරෝධි ක්‍රියා වහාම නතර කළ යුතු බව අධිකරණ අමාත්‍යාංශය අවධාරණය කරයි. 
     
    එසේ සිදුකරන සාම විනිසුරුවරුන්ගේ තනතුරු අහෝසි කිරීමට පියවර ගන්නා අතර එවැනි සාම විනිසුරුවරුන් පි‍ළිබඳව ලැබෙන තොරතුරු මත අධිකරණ අමාත්‍යාංශය විසින් ඉදිරියේ වැටලීම් සිදු කිරිමට ද කටයුතු කරන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
     
    සමාජයේ ගරු සේවාවක් ලෙස ප්‍රජාවේ ජීවත්වන ජනතාවට ප්‍රශංසනීය සේවාවක් ඉටු කිරීම සඳහා අධිකරණ සංවිධාන පනතේ 82වගන්තිය යටතේ අධිකරණ අමාත්‍යරයාට පැවරී ඇති බලතල අනුව ප්‍රජාවේ උන්නතිය සඳහා ගරු කටයුතු තනතුරක් ලෙස ලබා දී තිබෙන සාමදාන විනිශ්චකාර පදවිය එහි අරමුණු හා පරමාරවලට පටහැනිව කටයුතු කරමින් අහිංසක ජනතාවගෙන් මුදල් උපයා ගැනීමේ අරමුණු ඇතිව කටයුතු කරන සාම විනිසුරුවරුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ඇත.
     
    වසර 200කට අධික ඉතිහාසයක් පවතින සාම විනිසුරු භූමිකාව අතීතයේ ගරු සේවාවක් ලෙස විපරිත වු සමාජය  යළි ගොඩනැගීම සඳහා දායක විය හැකි ප්‍රභුන් වෙත මෙම තනතුරු ප්‍රදානය කළ අතර 1889 වර්ෂයේදී අධිකරණ සංවිධාන ආඥා පනත සංශෝධනය කරමින් ගරු පත්වීම් හා නිල පත්වීම් ලෙස වර්ගීකරණය කර තිබේ. මෙහි ගරු පත්වීම් පිරිනමා  ඇත්තේ සමාජයට පුළුල් සේවාවක් ඉටු කළ හැකි සමාජ සේවාවට දායක වු පුරවැසියන් වෙනුවෙන් වන අතර නිල බලයෙන් සාමවිනිසුරු පදවි අග්‍රවිනිශ්චයකාර පදවියේ සිට කම්කරු විනිශ්චය සභාවල ලේකම්වරුන් දක්වා රාජ්‍ය නිලධාරීන්ට හිමිවේ.
     
    1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතේ 45 වගන්තිය ප්‍රකාරව පිරිනැමෙන සාම විනිසුරු පදවිය ප්‍රජාවේ උන්නතිය සඳහා පුළුල් සේවාවක් ඉටු කිරීම සඳහා පිරිනමන නමුත් වර්තමානයේදී මෙම තනතුර උපයෝගි කරගනිමින් දිවුරුම් පෙත්සම් සහ ඒ හා සමාන ලිපි ලේඛන සහතික කිරීමට පමණක් සීමා වී ඇති බව දක්නට ඇත. එහෙත් සාමදාන විනිශ්චයකාර පදවිය උපයෝගි කරගන්මින් සමාජයේ යහපාලනය ශක්තිමත් කිරිම සඳහා බිම් මට්ටමේ සිට දායක විය හැකි අතර විශේෂයෙන් ග්‍රාමීය මට්ටමේ ව්‍යාප්ත වි තිබෙන සමාජ විෂමාචාර ක්‍රියා මැඩ පැවැත්වීමට, පොලීසිය ඇතුළු අදාළ ආයතනවලට සහයෝගය ලබා දිම මත්ද්‍රව්‍ය හා නිති විරෝධි  මත්පැන් භාවිතයට එරෙහිව කටයුතු කිරිම, ළමා හා කාන්තා අපචාර ක්‍රියා මැඩලීමට සහයෝගය ලබාදීම ඇතුළු සමාජ විෂමාචාර ක්‍රියාවන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කර අදාළ තොරතුරු පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතනවලට ලබාදීම යුගයේ අවශ්‍යවක් බව සාමවිනිසුරුවරුන් වටහාගත යුතු බව අධිකරණ අමාත්‍යාංශය අවරධාරණය කරයි.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya