අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘SED AWORD – 2014’ සඳහා නුවරඑළියේ තරඟකරුවන් තිදෙනෙකු නිර්දේශ වේ

    මාර්තු 26, 2015

    තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරනු ලබන ‘SED AWORD – 2014‘ ව්‍යවසායකත්ව සංවර්ධන සම්මාන ප්‍රදානෝත්සවයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ තරඟකරුවන් තිදෙනෙකු මෙවර සම්මාන ලැබීම සඳහා නිර්දේශ වී තිබේ.

    2015 මාර්තු මස 27 වන දින ප.ව 3.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙම සම්මාන ප්‍රදානෝත්සවය පැවැත් වීමට නියමිතය.

     

    ස්වයං දිරියෙන් ව්‍යාපාරික ලොව ජයගත් අභිමානවත් මිනිසුන්ගේ ජාතික මෙහෙවර අගයනු වස් ඔවුන් උදෙසා පිදෙන උපහාර උළෙලක් ලෙස මෙම සම්මාන ප්‍රදානෝත්සවය ආරම්භ කොට තිබේ.

     

    නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එම්.සී මල්වාන මහතා, එච්.සී.ආර් මුණසිංහ මහතා සහ එම්.ඒ.කේ නාථ සමරසිංහ මහතා මෙම සම්මාන සඳහා නිර්දේශ වී තිබේ. ස්ට්‍රෝබෙරි ව්‍යාපෘතිය, පශු සම්පත් ආශ්‍රිත නිෂ්පාදන සහ ඡායා රූප ශිල්පය යන ස්වයං ව්‍යාපාර මෙසේ ඇගයීමට ලක් වී තිබේ.
    MAP_SH_dmu_n'eliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya