මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමාජ සේවා වැඩසටහන් ඒකාබද්ධ කිරීමේ වැඩසටහනක්

    මාර්තු 25, 2015
    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමාජ සේවා වැඩසටහන් ඒකාබද්ධ කිරීමේ වැඩසටහනක් මේ මස 27 වන දින පෙ.ව 9.00ට නුවරඑළිය සී බෑන්ක් හෝටලයේ දී පැවැත්වේ.
     
    සමාජ සේවා අමාත්‍යාංශය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන සඳහා සම්බන්ධීකරණ දායකත්වය නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සපයනු ලබයි.
     
    නුවරඑළිය ව්‍යාපාරික ප්‍රජාව සහ රාජ්‍ය නොවන ආයතනයන් හි දායකත්වය ලබා ගනිමින් ඒකාබද්ධ ප්‍රවේශයක් තුළින් ඵලදායි මහජන සේවාවක් සැයීම මෙහි මුඛ්‍ය අරමුණයි. සමාජ සේවා කටයුතු සඳහා ඒ ඒ අංශ තුළින් දැක්විය හැකි දායකත්වය පිළිබඳව මෙහි දී සාකච්ඡාවට ලක් කෙරෙන අතර අප්‍රේල් මස සිට දෙසැම්බර් මස 31 දක්වා වූ කාලය තුළ ඉදිරි වැඩසටහන් සැලැස්මක් නිර්මාණය කිරීමද මෙහි දී අපේක්ෂා කෙරේ.
     
    SH N,Eliya (Dmu)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya