අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට නීති කේන්ද්‍රයක් ලබා ගැනීමට සාකච්ඡා

    මාර්තු 25, 2015

    ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රයේ දියුණුව සඳහා සිංගප්පූරුවේ ඉදිකර තිබෙන නීති මධ්‍යස්ථානය (law center) වැනි සමාන පහසුකම් තිබෙන නීති කේන්ද්‍රයක් ඉදිකිරීමට ලෝක බැංකුවේ සහය අවශ්‍ය යැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ලෝක බැංකුවෙ ශ්‍රී ලංකා ඉන්දිය භූතාන් බංගලාදේශ විධායක අධ්‍යක්ෂ සුභාෂ් චන්ද්‍ර ගාජ් මහතා සිය අමාත්‍යාංශයේදී හමුවු අවස්ථාවේ විශේෂ ඉල්ලීමක් කළ බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

    ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රයේ දියුණුව සඳහා පසුගිය කාල පරිච්ඡේදයේදී ලෝක බැංකුවේ ආධාර අඛණ්ඩව ලබාදී ඇති අතර එම අරමුදල උපයෝගි කරගෙන ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පුළුල් කිරීමේ අරමුණින් මෙම කේන්ද්‍රය පිහිටුවීමට සැලසුම් කර ඇත.

    විනිසුරුවරුන් පුහුණු කිරීම, තොරතුරු තාක්ෂණය හඳුන්වා දීම, පරිගණක මධ්‍යස්ථාන ලබාදීම, ගොඩනැගිලි සංවර්ධනය ආදී කටයුතු සඳහා පුළුල් දායකත්වයක් ලබා දී ඇති අතර ඉදිරියේදී ලෝක බැංකු ආධාර යටතේ අධිකරණ ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා නවීන අංගෝපාංගවලින් යුක්තව නීති කේන්ද්‍රයක් පිහිටු වීමට අධිකරණ අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇත.

    ඉදිකිරීමට අපේක්ෂා කරන මෙම නීති කේන්ද්‍රය විනිසුරුවන්ගේ හා නීතිවේදීන්ගේ දැනුම දියුණු කිරීම සඳහා දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීමේ පහසුකම්වලින් සමන්විත වන අතර දේශනාගාර, පුස්තකාල පහසුකම්, පරිගණක පහසුකම්, අන්තර්ජාල පහසුකම්, වෘත්තියවේදීන් සඳහා විවේකාගාර හා ආපන ශාලා පහසුකම්ද නීති කේන්ද්‍රය හරහා ලබාදීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ලෝක බැංකුවේ සහය ලබා දෙන ලෙස සුභාෂ චන්ද්‍ර ගාජ් මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කළ අතර ඒ සඳහා විධායක අධ්‍යක්ෂක වරයාගේ විශේෂ අවධානය යොමු වී ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

    අධිකරණ ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ලෝක බැංකු ආධාර ලබා ගැනීම සඳහා ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය හා ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යාංශය සමඟ සෘජු ලෙස සාකච්ඡා කර මෙම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya