මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    5 ශිෂ්‍යත්ව ශිෂ්‍යාධාර මුදල කලට වේලාවට නොදෙන පාසල් ගැන නිසි පියවර ගන්නවා

    නොවැම්බර් 21, 2014

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත් සෑම සිසුවෙකුට ම ශිෂ්‍යාධාර මුදල සෑම මසක ම කලට වෙලාවට ලැබිය යුතු බවත් එවැනි දෙයක් යම් පාසලක සිදු වී නැත්නම් සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය විසින් අද (21) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයක දී නැඟූ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 2015 අයවැය යෝජනා අනුව රුපියල් 500 සිට 1500 දක්වා වැඩි කළ ශිෂ්‍යාධාර මුදල ලබන ජනවාරියේ සිට ශිෂ්‍යත්වය සමත් 25,000ක් දෙනා වෙත ලබා දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya