අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුව පිහිටුවීමට බලය ඇත්තේ රටේ ජනතාවටයි - ජනපති

    නොවැම්බර් 21, 2014

    ආණ්ඩුව පිහිටුවීමට බලය ඇත්තේ රටේ ජනතාවට බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.


    ජනතා තීන්දුවට හිස නැමීමට වත්මන් රජය සෑම විට ම සූදානම් බව ජනාධිපති අවධාරණය කළේය.

    වර්තමානයේ ඇතමුන් විදේශ රටවල් හරහා මෙරට ආණ්ඩු පිහිටුවීමට උත්සාහ දරන බව සඳහන් කළ ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ජනතාවට ඇති අයිතිය වෙනත් කිසිවෙකුට ලබාදීමට තමා සූදානම් නොමැති බවයි.

    කුඩා රබර් වතු හිමියන් සමඟ ඊයේ (20) දහවල් අරලිය ගහ මන්දිරයේ පැවැති හමුවකට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම අදහස් පළ කළේය.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාපධිතිතුමා සඳහන් කළේ එකමුතුව පක්ෂය තුළ නායකත්වයක් තෝරාගත නොහැකි පිරිසකට රටට ද නිවැරදි නායකත්වයක් ලබාදිය නොහැකි බවයි.

    රටේ ජනතාවට ද ඔවුන් පිළිබඳ විශ්වාසයක් තැබීමට නොහැකි බව සඳහන් කළ ජනාධිපතිතුමා රට සංවර්ධනය කර රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කළ වත්මන් රජය සැමදා රටේ ජනතාවගේ විශ්වාසය දිනාගත් බව වැඩිදුරටත් කියා සිටියේය.

    NDH/priu

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya