මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බාහිර කටයුතු සඳහා පාසල් භාවිත කිරීමේ දී නිසි අනුමැතියක් අවශ්‍යයි

    නොවැම්බර් 21, 2014

    යම් බාහිර කටයුත්තක් සඳහා පාසලක් හෝ එහි යම් කොටසක් ආයතනයකට හෝ පුද්ගලයෙකුට ලබාදීමේදී පාසලේ විදුහල්පතිවරයාගේ නිර්දේශය අවශ්‍ය බවත් ජාතික පාසලක් නම් අධ්‍යාපන ලේකම්ගේ ද පළාත් පාසලක් නම් පළාත් අධ්‍යාපන ලේකම්ගේ ද අනුමැතිය අවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (21) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පරිබාහිර රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන චිත්‍රපට දර්ශන, ප්‍රදර්ශන, කඳවුරු හෝ විවිධ සංදර්ශන සඳහා යම් පාසලක් හෝ එහි කොටසක් ලබා දෙන්නේ නම් පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා නොවන පරිදි සිදු විය යුතුයි. දේශපාලන කටයුතු සඳහා පාසල් ලබා දෙන්නේ නැති බව ද ඔහු අවධාරණය කළේය.

    එසේ ලබා දෙන්නේ ද පළමු පාසල් වාරයේ බව චක්‍රලේඛයේ සඳහන් වේ. යම් පාසලක එවැනි දෙයක් සිදු වී ඇත්නම් ඒ ගැන පරීක්ෂණ කණ්ඩායමක් යොදා එසේ කරන්නට බලපෑ කරුණු අසා නීත්‍යනුකූලව කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya