අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව සහ මොරිටේනියාව සහයෝගිතාව වෙනුවෙන් ඒකාබද්ධ කොමිසමක් ස්ථාපිත කිරීමට ගිවිස ගනී

    නොවැම්බර් 13, 2014

    දෙරටේ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ මොරිටේනියාව සහයෝගිතාව සඳහා වූ ඒකාබද්ධ කොමිසමක් ස්ථාපිත කිරීම සඳහා ගිවිසුමකට අද (13) අත්සන් තැබුවේය.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ මොරිටේනියානු ජනාධිපති අවුල්ඩ් අබ්දෙල් අසීස් (Ould Abdel Aziz) අතර පැවති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපති කාර්යාලයේ දී අද දහවල් අත්සන් තැබීම සිදු විය. දෙරටේ නායකයින් අතර සිදු වූ මේ හමුව අතරතුර කැනීම්, සෞඛ්‍ය, වෘත්තීය පුහුණු, ධීවර සහ කෘෂිකර්ම ඇතුළු අංශ ගණනාවක සහයෝගිතාව සහ නිපුණත්වය ලබා දෙන ලෙස මොරිටේනියාව, ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.


    මෙම ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ඇති කර ගෙන ඇති දියුණුව පෙන්වා දෙමින් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පවසා සිටියේ, අප්‍රිකාව සමඟ සහයෝගිතාව වර්ධන කර ගැනීමේ සමස්ත ප්‍රතිපත්තියට අනුකූලව ශ්‍රී  ලංකාව ඉමහත් සතුටින් සහය දීමට සූදානම් බවයි.


    "අපි අප්‍රිකාව සමඟ සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පැවසීය . අපත් සමග ඔබ පැය කිහිපයක් හෝ ගතකිරීම පිළිබඳ ව අපි ඉතාමත් සතුටු වෙනවා, එහෙත් දෙරටේ සහයෝගිතාව තවත් තර කර ගැනීම සඳහා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට නැවතත් පැමිණීමට ඔබට ආරාධනා කර සිටිනවා.


    2012 වසරේ දී, අප්‍රිකානු මහද්වීපය සමඟ සබඳතා පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව තීරණය කළේය. මේ වන විට නේවාසික දූත කාර්යාල හයක් සහිත ව ශ්‍රී ලංකාව අප්‍රිකානු රටවල් 42ක් සමඟ නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වයි.


    ජනාධිපති අසීස් මැතිතුමා පවසා සිටියේ දෙරට අතර ඇති භූගෝලීය දුරස් බව නොසලකා, "අප රටවල් දෙකට එක්ව වැඩ කිරීම සඳහා සුවිශාල හැකියාවක් තිබෙනවා. දීර්ඝ සංචාරයක් සඳහා අප මග බලා සිටිනවා. (අපි) අපේ සහයෝගිතාව වර්ධන කිරීමට සහ තහවුරු කිරීමට කැමතියි යන බවත්ය.


    බාහිර බලපෑම්වලට මුහුණ දෙමින් 2012 සහ 2013 වසරවල දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ජාත්‍යන්තර සමුළුවලදී මොරිටේනියාව අඛණ්ඩ ව ශ්‍රී ලංකාවට සහය පළ කර ඇති අතර දෙරට අතර ඉතා හොඳ සහයෝගිතාවක් පවතී.


    රටවල් කිහිපයක් ම තවමත් ශ්‍රී ලංකාව මුහුණ දුන් දුෂ්කරතා විශේෂයෙන් ම ත්‍රස්තවාදී වැය ගැටලුවලට මුහුණ දෙන බව පෙන්වා දුන් ජනාධිපති අසීස් මැතිතුමා ත්‍රස්තවාදය පිටුදැකීම වෙනුවෙන් ජනාධිපති රාජපක්ෂ මැතිතුමා හට ප්‍රශංසා කළේය.


    "අපිට ඔබේ තත්ත්වය තේරුම් ගන්න පුළුවන්,"යැයි ජනාධිපති අසීස් මැතිතුමා ඔහුගේ රජය ශ්‍රී ලංකාවට සහය පළකිරීමට හේතු පිළිබඳ ව සඳහන් කරමින් ජනාධිපති රාජපක්ෂ මැතිතුමාට පැවසීය. අපිට ඔබ මුහුණ දුන් තත්ත්වයන් තේරුම් ගන්න පුළුවන්. දුෂ්කරතා පිටුදකිමින් ඔබේ දේශය සංවර්ධනයේ මාවත කරා යොමු කිරීමේ දී ඔබ සාර්ථකයි.


    රටවල් දෙක අතර පහත සඳහන් ගිවිසුම් දෙක සඳහා අත්සන් තැබීය.

    එනම්, ශ්‍රී ලංකාව සහ මොරිටේනියාව සහයෝගිතාව සඳහා වූ ඒකාබද්ධ ගිවිසුම පිළිබඳ වූ ගිවිසුමටත් ද්විපාර්ශවික දේශපාලන උපදේශන සඳහා වූ ගිවිසුමටත් ශ්‍රී ලංකාව වෙනුවන් අත්සන් තැබීම විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හා මොරිටේනියාව වෙනුවන් අත්සන් තැබීම ආර්ථික කටයුතු සහ සංවර්ධන පිළිබඳ අමාත්‍ය සිදී ටාහ් (Sidee Tah) යන මහත්වරු විසින් සිදු කරනු ලැබූහ.


    නාගරික කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චිත්‍රාංගනී වාගීෂ්වර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ ද්විපාර්ශ්වික සාකච්ඡාවට එක් වූහ.


    NDH/IMU_Pix by: Sudath Silva

     

    President Rajapaksa Holds Bilateral Discussions with President of Mauritania

     

    President Rajapaksa Holds Bilateral Discussions with President of Mauritania 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya