අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිෂ්‍යත්ව නව කඩඉම් ලකුණු ප්‍රකාශයට පත්කිරීම ලබන 17

    නොවැම්බර් 14, 2014

    5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් තෝරා ගන්නා සිසුන්ගේ ප්‍රමාණය 15,000 සිට 25,000 දක්වා වැඩිකිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ  මැතිතුමා විසින් 2015 අයවැය යෝජනා අනුව ප්‍රකාශ කර ඇති නිසා එම විභාගයේ සංශෝධිත නව කඩඉම් ලකුණු නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ලබන 17 වෙනි දින සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.


    මේ අනුව සිංහල මාධ්‍ය සඳහා ලකුණු 157ක් ලෙසත් දෙමළ මාධ්‍ය සඳහා 152ක් ලෙසත් අවම ලකුණු සංශෝධනය වන අතර මේ ලකුණු අනුව පාසල්වලට තෝරා ගන්නා ලකුණු මට්ටම් 2015 ජනවාරි 09 වන දින ප්‍රකාශයට පත් කරන බවත් ඒ සඳහා කඩිනම්  වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත්  විභාග කොමසාරිස් ජනරාල් දැනුම් දී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (14) පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශ ප්‍රකාශයක් කරමිනි.

    සංශෝධනයට පෙර ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු වන්නේ සිංහල මාධ්‍ය 163ක් දෙමළ මාධ්‍ය 159 වශයෙනි.

    එක් ප්‍රශ්නපත්‍රයක් සඳහා ලකුණු 35 බැගින් ලකුණු 70ක් ලබා ගත් සිසුන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වූවන් ලෙස පිළිගනු ඇත. ඒ අනුව මෙවර විභාගයෙන් 258,000කට ආසන්න සිසුන් පිරිසක් සඳහා විභාග කොමසාරිස් ජනරාල් විසින් පසුගිය සැප්තැම්බර් 27 දින සිසුන්වෙත ලබාදීමට අදාළ සහතිකපත් පාසල් වෙත යවා ඇත. ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සිදු කරන මේ ක්‍රියාවලිය නිසා වැඩිපුර සිසුන් 10,000කට ශිෂ්‍යත්වය සඳහා හිමිකම් කිව හැකි ය.

    මෙතෙක් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වලාභීන් වෙත ප්‍රදානය කළ රුපියල් 500.00 දීමනාව 2015 අයවැය යෝජනා අනුව රුපියල් 1500.00කින් එනම් 300%කින් වැඩි වී ඇත. ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ දැමීම නිසා දිස්ත්‍රික් අවම ලකුණු මට්ටම් ද පහළ යනු ඇත. ඒ අනුව අභිනව කඩඉම් ලකුණු මට්ටම් ඇතුළත් ලේඛනය පාසල් වෙත යැවීම හා අන්තර්ජාලයට එක්කිරීම සිදු කරන බවත් ශිෂ්‍යත්වය සමත්වූවන්ට නව පාසල් සඳහා ඉල්ලුම් කරන අයදුම්පත් දිවයිනේ සියලු ම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මඟින් පාසල් වෙත ලබා දෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya