මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැයි රැළිය සඳහා ලංගම බස් රථ නිකුත් කරන්නේ මුදල් ගෙව්වොත් පමණයි - ඇමති බන්දුල

    අප්‍රේල් 30, 2024

    හෙට පැවැත්වෙන මැයි රැළි සඳහා බස් රථ නිකුත් කරන්නේ මුදල් ගෙව්වොත් පමණක් බවත්, කිසිම ආයතනයකට හෝ සංවිධානයකට මුදල් ගෙවීමකින් තොරව බස්රථ නිකුත් නොකරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් තමා ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබා දී ඇතැයිද හෙතෙම පැවසීය.

    අද(30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ  මැයි රැළිය සඳහා විවිධ පක්ෂ වලට බස්රථ ලබා දීම සම්බන්ධයෙන්  මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. 

    පොදු ප්‍රවාහනයට අවහිරයක් නොවන පරිදි ඕනෑම දේශපාලන පක්ෂයක්, වෘත්තිය සමිතියක් හෝ වෙනත් පාර්ශවයක් විසින් මුදල ගෙවීමෙන් පසු බස්රථ නිකුත් කිරීමට ලංගම සභාපතිවරයා ඇතුළු පාලන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  වැඩිදුරටත් සඳහන් කළේය. කිසිම ආයතනයකට හෝ සංවිධානයකට මුදල් ගෙවීමකින් තොරව ලංගම බස්රථ නිකුත් නොවන බවත්, බස්රථ නිකුත් කිරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් ද තිබෙන බව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya