අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හරිත උදාන ගොවි සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

    නොවැම්බර් 13, 2014

    ‘හරිත උදාන ගොවි සමුළුව’ අද (13) ප.ව. 3.00ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගන්නෝරුව සේවා සංරක්ෂණ අභ්‍යාස ආයතන ක්‍රීඩාංගණයේදී පැවත්විණි.


    ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් සංවිධානය කර තිබූ මේ හමුවට මධ්‍යම පළාතේ ගොවීන් සහ ගොවි නායකයන් 6,000කට අධික පිරිසක් එක්ව සිටියහ.

     

    ඔවුන්ගේ උපහාරය ජනාධිපතිතුමා වෙත පිළිගන්වමින් උපහාර තිළිණයක් ද පිරිනැමිණි.

    කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පසුගිය දශක දෙක තුළ ලබාගෙන ඇති ජයග්‍රහණ හා කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ ඉදිරි දැක්ම පිළිබඳ ව ගොවි ප්‍රජාව දැනුවත් කිරීම අරමුණු කරගනිමින් මෙම ගොවි සමුළුව සංවිධානය කොට තිබේ.

    මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අබ්දුල් කාදර්, අර්ල් ගුණසේකර, වයි.ජී. පද්මසිරි, පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ යන මහත්වරු එක් ව සිටියහ.

    NDH/pmu_pix by Sudath Silva

    02

     

    03

     

    051

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya