අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය දීර්ඝ කරයි

    නොවැම්බර් 13, 2014

    ශ්‍රී ලංකාවාසීන් එක් ජාතියක් ලෙස ජීවත්වීම බලාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලන හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පියවර නිර්දේශ කොට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ලබා දී ඇති කාලය තවත් මාස 06කින් දීර්ඝ කිරීමට අද (13) පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.


    ඒ අනුව 2015 මැයි මස 12 වැනි දින දක්වා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු දීර්ඝ කෙරේ.

     
    මීට අදාළ යෝජනාව සභානායක හා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.


    ශ්‍රී ලංකාවාසීන් එක් ජාතියක් ලෙස ජීවත්වීම බලාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලන හා ආණ්ඩුකම ව්‍යවස්ථානුකූල  පියවර නිර්දේශ කොට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,  2013 ජුනි මස 21 වැනි දින ගරු කථානායකතුමා විසින් පත්කරන ලද ශ්‍රී ලංකාවාසීන් එක් ජාතියක් ලෙස ජීවත්වීම බලාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලන හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පියවර නිර්දේශ කොට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට, තමා විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2014 ජූනි මස 19 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මගින් නියම කර ඇති කාලසීමාව ඇතුළත පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට නොහැකි බැවින් එම කාරක සභාවට ලබාදී ඇති කාලසීමාව අංක 96 දරන ස්ථාවර නියෝගය ප්‍රකාරව 2015 මැයි මස 12 වැනි දින දක්වා තවදුරටත් දීර්ඝ කළ යුතුය. යනුවෙන් එය ඉදිරිපත් කරමින් දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට පැවසීය.


    සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවට ආණ්ඩුපක්ෂය නියෝජනය කරමින්, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, මෛත්‍රිපාල සිරිසේන මහතා, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා, අනුර ප්‍රියදර්ශන යාපා මහතා, දිනේෂ් ගුණවර්ධන, මහතා, ඩග්ලස් දේවානන්ද මහතා, ඒ.ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා, ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා, ඩිව් ගුණසේකර මහතා, රිසාඩ් බදියුදීන් මහතා, පාඨලී චම්පික රණවක මහතා, විමල් වීරවංශ මහතා, බැසිල් රෝහණ රාජපක්ෂ මහතා, ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, වාසුදේව නානායක්කාර මහතා, මුත්තු සිවලිංගම් මහතා, වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය සහ ජානක බණ්ඩාර මහතා පත් කර තිබේ.


    විරුද්ධ පක්ෂයේ එක්සත් ජාතික පක්ෂය, දෙමළ සංධානය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පක්ෂය තම නියෝජිතවරුන් මෙම විශේෂ කාරක සභාවට පත් කර නොමැත.


    ශ්‍රී ලංකාවාසීන් එක් ජාතියක් ලෙස ජීවත්වීම බලාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලන හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පියවර නිර්දේශ කොට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව 2013 ජුනි මස 21 දින පත් කරන ලදී.


    එම විශේෂ කාරක සභාව;

    සියලු ම ජනතාව විසින් ස්වකීය අනන්‍යතාවයන් ආරක්ෂා කරමින් හා ප්‍රවර්ධනය කරමින් එක් ජාතියක් ලෙස ගෞරවනීය හා ආරක්ෂාකාරී ලෙස ජීවත්වීම තහවුරු කෙරෙන ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල රාමුවක් නිර්මාණය කිරීම දැන් අවශ්‍යවන හෙයින් ද,


    එසේම එවන් එක්සත් බවක් රටේ මෙන්ම ජනතාවගේ සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ඉවහල් වන හෙයින්ද,


    ඉහත සඳහන් කරන ලද ඉලක්කය සාක්ෂාත් කරගැනීම සඳහා ගැනීමට අවශ්‍යවන පියවරයන්හි ස්වභාවය හා විෂය පථයන් තීරණය කිරීම සඳහා වඩාත්ම සුදුසු වන්නේ මහජන ඡන්දයෙන් පත්වූ නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් විශේෂ කාරක සභාවක් වන හෙයින්ද,


    (අ) සියලුම ජනතාව ස්වකීය අනන්‍යතාවයන් ආරක්ෂා කරමින් හා ප්‍රවර්ධනය කරමින් එක් ජාතියක් ලෙස ගෞරවනීය හා ආරක්ෂාකාරී ලෙස ජීවත්වීම තහවුරු කෙරෙන,


    (ආ) ශ්‍රී ලාංකික ජනතාවගේ එක්සත්භාවය වැඩි දියුණු කෙරෙන,


    (ඇ) සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ එහි ජීවත් වන ජනතාව බලාත්මක කෙරෙන,


    අදාළ දේශපාලන හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාමය පියවරයන් නිර්දේශ කොට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ලෙස කථානායකතුමා විසින් පත් කරන ලදී.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya