අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මහින්දට තෙවැනි වරට තරග කිරීමට ලැබීම ජනතා ජයක්

    නොවැම්බර් 13, 2014

    - මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමියෝ

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යළිත් ජනාධිපති ධූරයට තරග කිරීමට හැකි වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවෙන් ජයග‍්‍රහණය ලැබුවේ මෙරට ඒකීයභාවය අගයන ජනතාව බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමියෝ පවසති.


    මේ තීන්දුවත් සමඟ ජනතාවට ප‍්‍රතිලාභ රැසක් අත්වන බවත් ඒ සියල්ලට ම වඩා මෙරට ඒකීයභාවය තවදුරටත් ආරක්ෂා වන බවට ලැබෙන සහතිකය වටිනා බවත් උන්වහන්සේ සඳහන් කළහ.

    ඇතැම් පිරිස් පසුගිය කාලයේ පොදු අපේක්ෂකයන් පිළිබඳ සිහින මවමින් බෙදුම්වාදීන් සමඟ අත්වැල් බැඳගනිමින් ජනපති සටනින් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කිරීමේ සැලසුමක් දියත් කළ බවත් දැන් ඔවුන් සියලු දෙනාට ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම පිළිතුරු ලබා දී තිබෙන බවත් ධීරානන්ද හිමියන් පෙන්වා දී ඇත.

    රටේ සංවර්ධන කි‍්‍රයාවලිය ඉදිරියට ගෙන යෑමට ජනපතිතුමන්ට ශක්තිය ඇති බවත් ඉදිරි මැතිවරණවලින් ජය ලැබීමේ ජනතා ආකර්ෂණය එතුමා සතු බවත් පැවසු උන්වහන්සේ එතුමා ජනපති සටනින් ඉවත් කිරීමට නොයෙක් කුමන්ත‍්‍රණ ඇතමුන් දියත් කළේ මෙම ජනතා ආකර්ෂණය කෙරෙහි බිය වී සිටින නිසා බවත් වැඩිදුරටත් ප‍්‍රකාශ කළහ.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya