අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආර්ථිකය විනාශ කර තම අරමුණු ඉටුකර ගැනීමට දෙස් විදෙස් බලවේග අද උත්සාහ දරනවා - ජනපති කුඩා තේ වතු හිමියන්ට පවසයි

    නොවැම්බර් 13, 2014

    අපගේ ජාතික ආර්ථිකය විනාශ කර තම අරමුණු ඉටුකර ගැනීමට දෙස් විදෙස් බලවේග අද උත්සාහ දරන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එම බලවේගවලට ඉඩ නොතබා රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ඉදිරියට යාමට සියලු දෙනා එක්විය යුතු බව පැවසීය.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කුඩා තේ වතු හිමියන් සමඟ ඊයේ (12) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති හමුවකට එක්වෙමිනි.

    කුමන්ත‍්‍රණවලින් මේ රටේ ජාතික ආර්ථිකය කඩා බිඳ දැමීමට කිසිවෙකුට ඉඩ නොතබන බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා වත්මන් රජය දේශීය ආර්ථිකය පිළිබඳ විශ්වාස තැබූ රජයක් බවත් අපේ දේට අභියෝග කරන්නට කිසිවෙකුට නොහැකි බවත් අවධාරණය කළේය.

    වසර 150 ක ඉතිහාසයේ වාර්තාගත ඉහළ ම තේ නිෂ්පාදනය ලැබූයේ මෙම යුගයේ බව ද මෙහිදී පෙන්වා දුන් ජනධිපතිතුමා රජය පසුගිය කාලයේ තේ කර්මාන්තය සඳහා ලබා දුන් සහන ඊට ඉවහල් වූ බව ද කියා සිටියේ ය.

    කුඩා තේ වතු හිමියන් උනන්දු කරවීමට, අස්වැන්න වැඩි කර ගැනීමට මෙන්ම සාරවත් පස සේදී නොයාමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීමට අවශ්‍ය කටයුතු රජය කි‍්‍රයාවට නැංවූ බව ද ජනාධිපතිතුමා පැවසීය.

    රට ලැබූ දැවැන්ත සංවර්ධනයට මෙන් ම ආර්ථික ස්ථාවරත්වයට ද පසුබිම් වූයේ තිස් වසරක් රටේ පැවති ත‍්‍රස්තවාදය අවසන් කර ලබාගත්තා වූ නිදහස බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා කිසිවිටෙකත් එම නිදහස අහිමිකරගත යුතු නැති බව ද අවධාරණය කළේය.

    රටේ තේ කර්මාන්තය දියුණු කිරීමට රජයක් වශයෙන් ලබාදිය හැකි සෑම සහනයක් ම ඉදිරියේදී ද ලබා දෙන බව පැවසූ ජනාධිපතිතුමා ශී‍්‍ර ලාංකික අනන්‍යතාවය රැකගෙන තම කර්මාන්තය දියුණු කර ගැනීමට කටයුතු කරන්නැයි කුඩා තේ වතු හිමියන්ට පැවසීය.

    විවිධ අක්කර ප‍්‍රමාණ අතුරින් තෝරාගත් හොඳ ම කුඩා තේ වතු හිමියන්ට සම්මාන සහ සහතිකපත්‍ර ප‍්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya