අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති නියමයෙන් පණ්ඩිත් අමරදේවයන් නමින් විද්‍යායතනයක්

    නොවැම්බර් 13, 2014

    ශී‍්‍ර ලාංකේය සංගීත ක්ෂේත‍්‍රයට අනුපමේය සේවාවක් සිදු කළ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව මහතා නමින් විද්‍යයතනයක් ආරම්භ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තීරණය කර තිබේ.

    අමරදේව මහතා විසින් ජනාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමකට කඩිනම් ප‍්‍රතිචාර දක්වමින් මෙලෙස විද්‍යායතනයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙන අතර එය ඉදිකිරීම වෙනුවෙන් අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතාට උපදෙස් දුන්නේය.

     

    ජනාධිපතිතුමා මේ තීරණය ගනු ලැබුවේ කලාකරුවන් සමඟ අරලියගහ මන්දිරයේදී පැවැති හමුවකට සහභාගි වු අවස්ථාවේ ආචාර්ය පණ්ඩිත් අමරදේව මහතා සමඟ සුහඳ පිළිසඳරක නිරත වෙමිනි. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය විසින් මේ හමුව සංවිධානය කෙරිණි.

     

    හෙළ සංගීතයට ප‍්‍රශංසනීය මෙහෙවරක් ඉටු කළ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව මහතාගේ නමින් මෙම යෝජිත විද්‍යායතනය නම් කරන අතර එමඟින් අනාගත දරු පරපුරට විශාල සේවාවක් සිදුවන බවද ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා පෙන්වා දුන්නේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya