අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පිටපතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකියි

    නොවැම්බර් 13, 2014

    කතානායකතුමාගේ අනුමැතිය අනුව ජනාධිපතිතුමාට තෙවන වර ජනාධිපතිරණය සඳහා ඉදිරිපත් විය හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුවේ පිටපතක් සභාවට ඉදිරිපත් කළ හැකි බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා විසින් කරන ලද ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අදාළ තීන්දුව ගැන සභාවට ඉදිරිපත් කළේ සභානායක වශයෙන් නො වේ. එතුමාගේ අමාත්‍යාංශ විවාදය අතරතුරයි. ඒ ලේඛනයේ පිටපතක් සභාගත කිරීමට අවශ්‍ය නම් ඒ ගැන අර්ථ නිරූපණයක් දෙන්නම්. අතිගරු ජනාධිපතිතුමා, ජනතාව, රටේ නියෝජනය වන පාර්ලිමේන්තුවේ දැනගැනීම සඳහා මේ ගැන වගකීමෙන් අප කටයුතු කළ බවත් සභාවට ඉදිරිපත් කළ පසු මේ තීන්දුව කුමක්ද යැයි දැනගත හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අස්වර් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මත විමසන්න ජනාධිපතිතුමාට අයිතියක් තිබෙන බවත් සඳහන් කළේය.

    මේ පිළිබඳ සභාගත කරන්න බල කළ නොහැකි බවත් ඒ ගැන සොයා බලා පාර්ලිමේන්තු  සභාවට ඉදිරිපත් කරන්න කටයුතු කරන බව මෙහිදී කතානායක චමල් රාජපක්ෂ මහතා ද පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya