මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් 36121කට නේවාසිකාගාර පහසුකම් ලබා දී තිබෙනවා

    නොවැම්බර් 01, 2014

    රටේ ජාතික විශ්වවිද්‍යාලවල මේ වනවිට උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් 94494 දෙනෙකු අධ්‍යාපනය ලබන අතර ඔවුන්ගෙන් 36121කට නේවාසිකාගාර පහසුකම් ලබා දී ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (01) පැවසුවේය.



    එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

    විශ්වවිද්‍යාලවල 2 හා 3 වසරේ ඉගෙනුම ලබන උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන්ට නේවාසිකාගාර මීට පෙර දී ද දී නැති බවත් අද මෙන් ම හෙටත් එසේ නොදෙන බවත් කී අමාත්‍යවරයා එම දරුවන්ට නේවාසික පහසුකම් ලබාදීමට විශ්වවිද්‍යාල ගම්මාන හදන බවත් විශ්වවිද්‍යාල අසල්වැසි නිවාසවල ඔවුන්ට නේවාසික පහසුකම් ලබාදීමට වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් පැවසීය. ඉතා ම දිළිඳු    පවුල්වලින් උසස් අධ්‍යාපනය සඳහා පැමිණෙන දරුවන් සඳහා ඔවුන්ගේ නේවාසික පහසුකම් සඳහා අවශ්‍යතා අනුව මුදලක් ගෙවීමට විශ්වවිද්‍යාලවලට අවසර දී තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ දැනටමත් එසේ ගෙවනවා.

    සෑම සරසවි සිසුවෙකුට ම නේවාසිකාගාර පහසුකම් ලබාදීම සඳහා මහින්ද චින්තන වැඩසටහන්වලින් දී ඇති පොරොන්දු ප්‍රකාරව 2006 - 2013 කාලය තුළ විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා නේවාසිකාගාර ව්‍යාපෘති 38ක් සඳහා රුපියල් මිලියන 6159.1ක් අනුමත වී ඇති අතර ඉන් ව්‍යාපෘති 17ක වැඩ අවසන් කර ඇත.

    මීට අඅමතර ව 2013 සැප්තැම්බර් මාසයේ දී සිසුන් 24000කට නේවාසික පහසුකම් සැලසෙන නේවාසිකාගාර 60ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය කර තිබේ. ඉන් නේවාසිකාගාර 30ක ඉදිකිරීම් මේ වනවිට අවසන් කර ඇති අතර ඉන් සිසුන් 12000කට නේවාසිකාගාර පහසුකම් සැලසේ.

    HC

    රටේ ජාතික විශ්වවිද්‍යාලවල මේ වනවිට උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් 94494 දෙනෙකු අධ්‍යාපනය ලබන අතර ඔවුන්ගෙන්

    36121කට නේවාසිකාගාර පහසුකම් ලබා දී ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (01)

    පැවසුවේය.

    එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින්

    අමාත්‍යවරයා මේ බව කීය.

    විශ්වවිද්‍යාලවල 2 හා 3 වසරේ ඉගෙනුම ලබන උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන්ට නේවාසිකාගාර මීට පෙර දී ද දී නැති බවත් අද

    මෙන් ම හෙටත් එසේ නොදෙන බවත් කී අමාත්‍යවරයා එම දරුවන්ට නේවාසික පහසුකම් ලබාදීමට විශ්වවිද්‍යාල ගම්මාන හදන බවත්

    විශ්වවිද්‍යාල අසල්වැසි නිවාසවල ඔවුන්ට නේවාසික පහසුකම් ලබාදීමට වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් පැවසීය. ඉතා ම දිළිඳු    

    පවුල්වලින් උසස් අධ්‍යාපනය සඳහා පැමිණෙන දරුවන් සඳහා ඔවුන්ගේ නේවාසික පහසුකම් සඳහා අවශ්‍යතා අනුව මුදලක් ගෙවීමට

    විශ්වවිද්‍යාලවලට අවසර දී තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ දැනටමත් එසේ ගෙවනවා.

    සෑම සරසවි සිසුවෙකුට ම නේවාසිකාගාර පහසුකම් ලබාදීම සඳහා මහින්ද චින්තන වැඩසටහන්වලින් දී ඇති පොරොන්දු ප්‍රකාරව

    2006 - 2013 කාලය තුළ විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා නේවාසිකාගාර ව්‍යාපෘති 38ක් සඳහා රුපියල් මිලියන 6159.1ක් අනුමත වී

    ඇති අතර ඉන් ව්‍යාපෘති 17ක වැඩ අවසන් කර ඇත.

    මීට අඅමතර ව 2013 සැප්තැම්බර් මාසයේ දී සිසුන් 24000කට නේවාසික පහසුකම් සැලසෙන නේවාසිකාගාර 60ක් ඉදිකිරීමේ

    ව්‍යාපෘතිය කර තිබේ. ඉන් නේවාසිකාගාර 30ක ඉදිකිරීම් මේ වනවිට අවසන් කර ඇති අතර ඉන් සිසුන් 12000කට නේවාසිකාගාර

    පහසුකම් සැලසේ.

    11

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya