මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "අපි වෙනුවෙන් අපි" පුත්තලම නිවාස ජනපති සුරතින් රණ විරු අයිතියට

    නොවැම්බර් 02, 2014
    "අපි වෙනුවෙන් අපි" ව්‍යාපෘතිය යටතේ නිවාස සාදාදීමේ වැඩසටහනෙහි 17 වන අදියර යට‍තේ පුත්තලම දිස්ත්‍රික්කයේ රණ විරුවන් සඳහා ඉදිකරන ලද නිවාස 101ක් ඊයේ (01) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් රණ විරු අයිතියට පත් කරනු ලැබීය.
     
    මෙහිදී ජනාධිපතිතුමා අතින් නිවාස ලබාදීම සනිටුහන් කරමින් සංකේතවත් ලෙස නිවාස කිහිපයක යතුරු ප්‍රදානය කිරීම සිදු විය.
     
    මෙම ව්‍යාපෘතිය යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් නිවාස 63ක් ද, නාවික හමුදා සාමාජිකයන් වෙනුවෙන් නිවාස 22ක් හා ගුවන් හමුදා සාමාජිකයන් වෙනුවෙන් නිවාස 16ක් ද ඉදිකර ඇත.
     
    "අපි වෙනුවෙන් අපි" නිවාස ව්‍යාපෘතිය මහනුවර, කුරුණෑගල, මාතර, හම්බන්තොට, මොනරාගල, බදුල්ල, ගාල්ල, අම්පාර, ත්‍රීකුණාමලය, මඩකළපුව, අනුරාධපුර දිස්ත්‍රික්කවල ද ක්‍රියාත්මක කොට ඇත. 
     
    මෙම නිවාස ඉදිකිරීමට සමගාමී ව එම ප්‍රදේශවල මාර්ග, විදුලිබල, ජල සැපයුම් හා අනෙකුත් යටිතල පහසුකම් සැපයීමත් ප්‍රදේශයේ පාසල් පද්ධතිය දියුණු කිරීමත් සිදු කරනු ලබයි.
     
    DB
     
    AA Web 5
     
     
    AA Web 6
     
    AA Web 12
     
    AA Web 11
     
    AA Web 7

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya