මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුව, බස්නාහිර, වයඹ ග්‍රාම සේවා නිලධාරීන් සහ ජනපති අතර හමුවක්

    ඔක්තෝබර් 25, 2014
    සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත් නියෝජනය කරන ග්‍රාම සේවා නිලධාරීන් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද (25) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
     
    ග්‍රාම නිලධාරී සේවාව ගෞරවනීය සේවාවක් බවට පත්කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ වෙනුවෙන් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත උපහාර තිළිණයක් ද පිළිගන්වන ලදී.
     
     
    අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    SDF/NDH
    Grama Sewa Niladhari Meeting 1Grama Sewa Niladhari Meeting 2Grama Sewa Niladhari Meeting 3Grama Sewa Niladhari Meeting 5Grama Sewa Niladhari Meeting 6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya