අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එල්ටීටීඊ පිරිස් පුනරුත්ථාපනය කර සමාජගත කළ අන්දම ගැන ජිනීවාවල ඉහළ ඇගයීමක් තිබෙනවා

    ඔක්තෝබර් 25, 2014

    එල්ටීටීඊයට සම්බන්ධ ව සිටි තරුණ පිරිස් ශ්‍රී ලංකා රජය පුනරුත්ථාපනය කරමින් සමාජගත කළ ආකාරය පිළිබඳ ව ඉතා ඉහළ ඇගයීමක් ජිනීවාවල තිබෙන බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    වාචික පිළිතුරු අපේක්ෂාවෙන් එජාප මන්ත්‍රී රවි කරුණානයක මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.


    උතුරු- නැඟෙනහිර යුද්ධයෙන් පසු ව පුද්ගලයින් රඳවා තබන සරණාගත කඳවුරු නැත. ඇත්තේ එක ම එක පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පමණකි. උතුරු- නැඟෙනහිර යුද්ධයෙන් පසු ව පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට යොමු කරන ලද ගණන 12315කි. අද වනවිට වවුනියාව පූන්තොට්ටම්හි පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින්නේ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි 77 දෙනෙකු පමණි. ඔවුන් පුනරුත්ථාපනය කිරීමේ දී විවිධාකාර පුහුණු වීම් ලබා දෙනු ලබයි. අධ්‍යාපනික, ආධ්‍යාත්මික හා මනෝවිද්‍යාත්මක ව පිළිගත් ක්‍රමවේදයකට ඔවුන් පුනරුත්ථාපනය කෙරේ.

     

    මේ ගැන ජිනීවාවලට දැනුම් නොදෙන්නේ දැයි කරුණානායක මහතා විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ මේ සියලු කාරණා තම අමාත්‍යංශ වෙබ් අඩවියේ පවා පළ කර ඇති බවත් මේ කිසිවක් රහසේ කරන දේ නොවන බවත් ය.

     

    පුනරුත්ථාපනය කර සමාජගත කළ අයට 4%ක පොලියකට ණය පහසුකම් ලබා දී ඔවුන්ගේම ජීවන තත්ත්වය නංවා ගැනීමේ වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරන බවත් ඔවුන් යළි ත්‍රස්තාවදයට පොළඹවාගත නොහැකි බවත් ගජධීර මහතා පැවසීය.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya