අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සූර්ය බලාගාර හැටක් පිහිටුවීමට කටයුතු කරනවා - පාර්ලිමේන්තුවට සූර්ය බලය -නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා

    දෙසැම්බර් 07, 2016

    මෙගාවෝට් එක බැගින් වූ සූර්ය බලාගාර හැටක් පිහිටුවීමට කටයුතු කරන බවත් ඒ සඳහා ඉදිරි මාස දෙක තුන තුළ ටෙන්ඩර් කැදවන බවත් පාර්ලිමේන්තුව සූර්ය බලයෙන් පණ ගන්වන පාර්ලිමේන්තුවක් බවට පත් කරන බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා ද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ වැයශීර්ෂය විවාදයේ අඳහස් දක්වමිනි.

     

    රජය ප්‍රතිපත්තිය අනුව යමින් අපිට පුළුවන් වී තිබෙනවා,සූර්යබල සංගාමය හරහා, තමන්ගේ වහලය මත විදුලිය උත්පාදනය කරගන්නත් වැඩි පුර විදුලිය ජාතික විදුලි බල පද්ධතියට ලබාදෙන්නත් හැකි වෙනවා.

     

    මෙගාවෝට් එක බැගින් වූ සූර්ය බලාගාර හැටක් ඇති කරන්න කටයුතු කරනවා. අමාත්‍ය මණ්ඩලය  අනුමත කළා. පළමු පියවර ලෙස අපි විදුලි බල මණ්ඩලයේ උපදෙස් ඇතුව විදුලි බලගාර හදනවා. ඉදිරි මාස දෙක තුන තුළ ටෙන්ඩර් කැදවනවා.

    සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙගාවෝට් 100ක බලාගාරයක් හදනවා.  පාර්ලිමේන්තුව සූර්ය බලයෙන් ප ගන්වන්න කටයුතු කරනවා. පාර්ලිමේන්තුව සූර්ය බලයෙන් පණ ගන්වන පාර්ලිමේන්තුවක් බවට පත් කරනවා. පාවෙන සූර පැනල සවි කර එය කරන්නේ. මුළු ලෝකයට ආදර්ශයක් වන ලෙස සූර්ය බලයෙන් පාර්ලිමේන්තුව ප ගන්වනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya