මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2034 විදුලි අවශ්‍යතාවයට සැලැස්මක් සකස් කර තිබෙනවා - විදුලිය කැපීමේ බලපොරොත්තුවක් නෑ

    දෙසැම්බර් 07, 2016

    විදුලිය අවශ්‍ය  සියලු දෙනාටම විදුලිය ලබාදීමේ වගකීමක් පවතින බවත් වසර 2034 වනවිට විදුලි අවශ්‍යතාවයට සැලැස්මක් සකස් කර තිබෙන බවත් විදුලිය කැපීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ වැයශීර්ෂය විවාදයේ අඳහස් දක්වමිනි.

     

    අපි අද නියෝග දෙකක් සම්මත කරගන්නත් බලාපොරොත්තු වෙනවා. සුනිත්‍ය බලශක්ති අධිකාරි පනතේ නියෝගය, ටියුබ් ලයිට් වල චෝක් එක වඩාත් ප්‍රමිතියක් ඇතිව පාරිබෝගිකයන්ට ලබාදීම සම්බන්ධයෙන් වූ නියෝගයක්.

     

    ලංකා විදුලි බල මණ්ඩලය තමයි ප්‍රධාන ආයතනය . අපි ලක්ෂ 60කට ආසන්න පාරිබෝගිකයන්ට විදුලිය ලබාදෙනවා. විදුලි කප්පාදුවක් නොමැතිව විදුලිය ලබාදීමට හැකි වීම ගැන ආඩම්බර වෙනවා.

     

    විදුලිය ඉල්ලන සියලු දෙනාටම විදුලිය ලබාදීමේ වගකීමක් අපට තිබෙනවා. සියයට සීයයක විදුලිය ලබාදීමේ ව්‍යාපෘතිය, යටතේ සහන ණය ක්‍රමයක් යටතේ නිවාස 238555කට විදුලිය ලබාදීමට හැකි වී තිබෙනවා. තවත් නිවාස 15055කට විදුලිය ලබාදීමට තිබෙනවා. බලාපොරොත්තු වෙනවා මෙය නිමා කරන්න.


    සේවක සංඛ්‍යාවෙන් 6191ක් දෙනෙක් කුඩම්මාගේ සැලකිලි ලැබුණා. මේ සේවයන් ස්ථීර කිරීමට අපිට අවස්ථව ලැබුණා. අමාත්‍යාංශය කළ සුවිශේෂී මානව සම්පත සම්පත පිළිබඳව ගැටළුව නිරාකරණය කළ අවස්ථාවක්.


    පුනර්ජනනීය බලශක්තිය අතින් අපි ප්‍රමුඛ තැනක ඉන්නව. තවමත් අපේ විදුලි උත්පාදනයෙන් සියයට 49%ක් පුනර්ජනනීය බලශක්තියයි. ජලවිදුලිය උපරිම තැනකට පැමිණ තිබෙනවා. සූර්ය බලශක්තිය සහ සුළං බලය පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.

    සූර්ය බලය සංග්‍රාමයක් ලෙස ආරම්භ කර තිබෙනවා.අපේ ඉලක්කය නිවාස දස ලක්ෂයක වහලය මත  සූර්ය බලය ලබාදෙන්න. විප්ලවකාරී වැඩක්.ප්‍රමද වූ සියලු බාධක ඉවත් කර තිබෙනවා. බලාපොරොත්තු වෙනවා සීග්‍රයෙන් කරගෙන යන්න. ප්‍රථමවරට මේ රටේ විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීම තරඟකාරී තැනකට ගෙනාවා. ප්‍රථමවරට සූරය බල ප්‍රමාණය මෙගාවෝට් 01යි. විවෘතව ලබාදීමට කටයුතු කරනවා.

     

    විශේෂ ඉලක්කයක් තිබෙනවා, විදුලිය සංරක්ෂණය කිරීමට. ඒ සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කරලා,එහි ජාතික මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍යතුමා පත් කරලා,මෙගාවෝට් 500ක් ඉදිරිවසරවල ඉදිරි කර දෙන්නයි, බලාපොරොත්තු වෙන්නේ.


    ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉතාම නිවැරැදි තැනක අපි ඉන්නවා. විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් ජනතාවට නීත්‍යාණුකූල අයිතිය අද ලබාදී තිබෙනවා. විදුලි බල මණ්ඩලයේ තිබූ අයතා ගණුදෙණුව, දැන්සියලු නිතියාණුකූලව කටයුතු කර තිබෙනවා. සියලු අංශයන් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. රජ්‍ය ගොඩනැඟිලි සියල්ල සූර්ය බලයෙන් ක්‍රියා කරන තත්ත්වයට පත් කිරීමට කටයුතු කරනවා.

     

    අපි කිසි අර්බුදයක නෑ.මේ වර්ෂය අඩුම වර්ෂව ලැබුණා. ලබන වසරේ විදුලි ඉල්ලුමට මුහුණ දෙන්නේ කියලා, අපි බලනවා. වසර 2034 වන විට විදුලි ඉල්ලුමට සැලසුමක් සකස් කර තිබෙනවා. විදුලිය කැපීමට බලපොරොත්තුවක් නෑ.විදුලි මිල ඉහළ නැංවීමටත් බලාපොරොත්තුවක් නෑ යැයි ද අමාත්‍යවරය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya