මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වාභාවික වායූ තිබෙන බව හඳුනාගෙන තිබෙනවා- අමාත්‍ය චන්දිම වීරක්කොඩි

    දෙසැම්බර් 07, 2016

    රටේ ස්වාභාවික වායූ තිබෙන බව හඳුනාගෙන තිබෙනවා. ස්වාභාවික වායූ ප්‍රයෝජනයට ගන්න කටයුතු ක්‍රියාත්මක කරමින් පවතිනවා .වසර 2020  වනවිට රටට ආදයමක් ලැබෙන ආකාරයට බලශක්ති භාවිත කරන්න හැකි වෙනවා යැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කෝඩි මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වැයශීර්ණයේ විවාදයට එක් වෙමිනි.


    විවාදයේ දී අඳහස් දැක් වූ අමාත්‍යවරයා,


    පසුගිය කාලයේ විශල වශයෙන් ඉන්ධන මිල අඩු කිරීමක් කරන්න හැකි වුණා. මේ අයවැයෙන් භූමි තෙල් මිල අඩු කළා. ඉලෙක්ට්‍රික් කාර් කුමන වර්ග තිබුණත් ඛනිජ තෙල් පරිභෝජනය වැඩි වී තිබෙනවා.

    හම්බන්තොට ඉදිවෙන කර්මාන්ත ඉදිවෙනකොට, පෝට් සිටි ඉදිවෙනකොට ඛනිජ තෙල් පරිභෝජනය වැඩි වෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන ආයතනයක් ලෙසයි පැවතුනේ පළමු මාස 9 ඇතුළත රුපියල් බිලියන 69.5ක් ලාභය වර්තා කර තිබෙනවා. දෙසැම්බර් වනවිට රුපියල් බිලියන 75 ට වඩා ලාභටයක් වාර්තා කරන්නට හැකියාව ලබී තිබෙනවා.

    දිගු කාලීන ඉන්ධන මිලදී ගැනීමට යොමු වීම තුළ වෙනඩට වඩා අඩු මිලට ගන්න හැකි වී තිබෙනවා. තරඟකාරීත්වය තුළ වැඩි ලාභයක් ලබෙන ලෙස ඉන්ධන මිලදී ගැනීමට හැකි තත්ත්වය නිර්මාණය වි තිබෙනවා.

    කිසි දවසක් අඩු තත්ත්වයක ඉන්ධන රටට පමිණ නෑ අලුත් රජය පත් වුවට පසු.විනිවිද පෙනෙන ආකාරයට රටේ ඉන්ධන මිල ක්‍රියාත්මක කිරීමට මිල සූත්‍රයක් ඉදිරිපත්කර තිබෙනවා. ඉදිරියේ දී ඒ පිළිබඳව අවධානය යොමු කර ක්‍රියාත්මක කරනවා.


    වඩාත් ක්‍රමවත්ව තරඟ කාරීත්වයෙන් ලිහිසි තෙල් ගෙන්වන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඛනිජ තෙල් සංස්ථව සතුව තිබූ ලිහිසි තෙල් වෙළඳාම, අපිට හැකි වී තිබෙනවා. කර්මාන්ත ආයතනයක් ඉදිකිරීමට. ලබන වසරේ වැඩ ආරම්භ කිරීමට හැකියාව තිබෙනවා. කටුනායකට හා කොළොන්නාව සම්බන්ධ කරමින් ඉන්ධන නල පද්ධතියක් සකස් කිරීමට කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

     

    මන්නාරම් දෝණියේ කැණීම් වලින් සොයාගෙන තිබෙනවා,ස්වාභාවික වායූ ඝණ අඩි ට්‍රිලියන 2ක් සහ ද්‍රව වායු මිලියන 10ක් නිධි දෙකෙන් සොයා ගෙන තිබෙනවා. වසර 2020 වනවිට රටට ආදයමක් ලැබෙන ආකාරයට බලශක්ති භාවිත කරන්න හැකි වෙනවා. අපේ රටේ  ස්වාභාවික වායූ තිබෙන බව හන්දුනාගෙන තිබෙනවා. ස්වාභාවික වායූ ප්‍රයෝජනයට ගන්න කටයුතු ක්‍රියාත්මක කරමින් පවතිනවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya