මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ පුරප්පාඩු පිරවීමට කටයුතු කරනවා

    අගෝස්තු 26, 2016

    දකුණු පළාතේ, රජයට අයත් හා පළාත් සභාවට අයත් මහ රෝහල් තුළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවත් ඒ සඳහා නව නිලධාරීන් සහ වසය අවුරුදු 65ට අඩු විශ්‍රාමික නිලධාරිනියන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් බඳවා ගැනීම සම්බන්ධයෙන් මතු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.


    දකුණු පළාත් සඳහා අනුයුක්ත පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සංඛ්‍යාව 1225ක් කී අමාත්‍යවරයා, දැනට සේවය කරන නිලධාරිනියන් සංඛ්‍යාව 1051ක් බව පැවසී ය.

    පුහුණුව අවසන් කර එහෙත් බඳවා නොගත් නිලධාරිනියන් 11 දෙනෙකු ඉතාමත් ඉක්මනින් ම බඳවා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya