අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕස්ට්‍රේලියානු වෙබ් අඩවියක් පලකළ චෝදනාව පිළිබඳ සොයාබැලීමට ජනපතිගෙන් නීතිපතිට උපදෙස්

    අගෝස්තු 26, 2016

    ඕස්ට්‍රේලියානු ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන සිඩ්නි මෝනිං හෙරල්ඩ් හි (Sydney Morning Herald) පසුගිය 24 පළ වූ ප්‍රවෘත්තියකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2009 වර්ෂයේ දී කෘෂිකර්ම සහ ගොවිජන සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවදියේ දී එතුමාගේ කාර්ය මණ්ඩල නිලධාරියෙකු හා සම්බන්ධව සිදු වූවා යැයි පැවසෙන සිද්ධිය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පුද්ගලික අවධානය යොමුව ඇත.

    එවැනි සිද්ධියක් පිළිබඳව තමාගේ කිසිදු සම්බන්ධයක් හෝ දායකත්වයක් නොමැති බව ප්‍රකාශ කරන ජනාධිපතිතුමා ඉහත කී ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයාට උපදෙස් දී ඇති බව දන්වා සිටින අතර තමාගේ දේශපාලන ජීවිතයේදී කිසි දිනෙක එවැනි දූෂිත, අක්‍රමිකතාවයන් සඳහා මැදිහත්වීමක්, අනුබලයක් හෝ සම්බන්ධයක් සිදු වී හෝ සිදු කර නොමැති බව වැඩිදුරටත් දන්වා සිටී.

    pmdnews.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya