මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පී.බී. අල්විස් පෙරේරා කවියාගේ ගුණ සැමරේ

    අගෝස්තු 24, 2016

    පී.බී. අල්විස් පෙරේරා කවියාගේ 50 වැනි ගුණ සමරු උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛණ සේවා මණ්ඩලයේ දී පැවැත්විණි.

    මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා සඳහන් කළේ පී.බී. අල්විස් පෙරේරා කවියා රට ජාතිය වෙනුවෙන් තමාගේ යුතුකම මැනවින් ඉටුකළ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙක් බවය.

     

    එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සමග සමීපව කටයුතු කරමින් පනස් හයේ බණ්ඩාරනායක ආණ්ඩුව පිහිටුවීම සඳහා පී.බී. අල්විස් පෙරේරා කවියා, කවියෙන් ජනතාව අවදි කළ ආකාරය ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

     

    පී.බී. අල්විස් පෙරේරා කවියාගේ තෝරාගත් කවි ඇතුළත් කෘතිය එළි දැක්වීම ද මෙහිදී සිදුවූ අතර එහි පළමු පිටපත ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

     

    කුමන්ත‍්‍රණකරුවන්ගේ ගිනි අවියට ගොදුරුවී ඝාතනය වූ බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන් වෙනුවෙන් පී.බී. අල්විස් පෙරේරා කවියා එදා රට හඩවමින් ඉදිරිපත් කළ කවි කිහිපයක් පිළිබඳ මතකය ද ජනාධිපතිතුමා අවදි කළේය.

     

    ලාංකීය කවි කෙත ස්වකීය ප‍්‍රතිභාවෙන් පොහොසත් කළ පී.බී. අල්විස් පෙරේරා කවියාගේ සටන් කාමී කවි, එදා ජන හදවත් වසඟ කරන්නටත්, ජන අරගලය ශක්තිමත් කරන්නටත් ප‍්‍රමුඛ දායකත්වයක් සැපයූ අතර යටත් විජිත සමයේ අධිරාජ්‍යවාදයට එරෙහිව නිදහස් අරගලය වෙනුවෙන් ඔහු අභීතව පෙනී සිටියේය.

     

    මෙම ගුණ සැමරුම් අවස්ථාවට කොළඹ හලාවත දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන්, මහාචාර්ය සරත් විජේසූරිය මහතා සහ කවියන් රසිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya