මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි ව්‍යාපාරය කාර්යක්ෂම හා ඵලදායී තත්ත්වයට පත් කරනවා- ජනපති

    අගෝස්තු 24, 2016

    පසුගිය රජයේ අයහපත් පාලනය හමුවේ සේවක බලාපොරොත්තු බිඳ වැටීම තුළ අතෘප්තිමත් රාජ්‍ය ආයතනයක් බවට පත්ව ඇති සමෘද්ධි ව්‍යාපාරය වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ආයතනයක් බවට පත් කරමින් රටට වැඩදායී ආයතනයක් බවට පත්කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    සමෘද්ධි කළමනාකරුවන්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.

    අදාළ සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී දිවයින පුරා සමෘද්ධි කළමනාකරුවන් මුහුණ දී සිටින ගැටලු සහ ඒවාට අවශ්‍ය විසඳුම් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

    එම ගැටලු විසඳිමට කඩිනම් පියවර ගන්නා ලෙස මෙහිදී නිලධාරින්ට උපදෙස් ලබා දුන් ජනාධිපතිතුමා දැනට ගෙන ඇති පියවර පිළිබඳව ද නිළධාරින්ගෙන් කරුණු විමසීය.

    දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ වර්තමාන තත්ත්වය හා ගැටලු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්වාට ලක් කෙරිණි.

    සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක. මුදල් අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් ද අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරින් සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya