මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ ගෞරවය රැකීම මන්ත්‍රීවරුන් 225 දෙනාගේ වගකීමක්

    මැයි 05, 2016

    උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවය සහ මන්තී‍්‍රවරයෙකුගේ ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්තී‍්‍රවරුන් 225 දෙනා සතුවම එක හා සමාන වගකීමක් පැවරී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

    පරිපූර්ණ මිනිසෙක් තුළ තිබිය යුතු වැදගත්ම ලක්ෂණය වන්නේ ශිෂ්ටත්වය සහ හැදිච්චකම බව පෙන්වාදුන් ජනාධිපතිතුමා උත්තරීතර සභාවට මහජන ඡන්දයෙන් තේරී පත්වන සියලුදෙනා ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළයුතු බව ද කියා සිටියේය.

     

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ හොරණ රාජකීය විද්‍යාලයේ නව ශ‍්‍රවණාගාරය සිසු අයිතියට පවරාදීමේ උත්සවයට අද (04) පෙරවරුවේ එක් වෙමිනි.

     

    ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැඟීම උදෙසා නායකත්වය ගන්නා අය වෙනුවෙන් සිය වටිනා ඡන්දය භාවිතා කිරීමට මහජනතාවට ද වගකීමක් පැවරී තිබෙන බව ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

     

    අද පෙරවරුවේ හොරණ රාජකීය විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් හා ගෞරවයෙන් යුතුව පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.

     

    සමරු ඵලකය නිරාවරණය කර නව ශ‍්‍රවණාගාරය සිසු අයිතියට පවරාදීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    එය සංකේතවත් කරමින් විද්‍යාල පරිශ‍්‍රයේ නා පැළයක් ද රෝපණය කෙරිණි.

     

    අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ නිදහස් සෞඛ්‍ය සේවාව සහ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ප‍්‍රතිපාදන වෙන් කිරීමේදී වඩාත් විධිමත් අයුරින් එම කටයුතු සිදු කිරීම රජයේ අපේක්ෂාව බවයි.

     

    1987 වසරේ සිසුන් 80 දෙනෙකුගෙන් ඇරඹි හොරණ රාජකීය විද්‍යාලයේ මේ වන විට සිසුන් 4,300 ක් පමණ අධ්‍යාපනය ලබන අතර විද්‍යාලය එදා මෙදා තුර පැමිණි ගමන් මගද මෙහිදී ජනාධිපතිතුමාගේ ප‍්‍රශංසාවට ලක් විය.

     

    ජනාධිපතිතුමාගේ සම්ප‍්‍රාප්තිය සනිටුහන් කරමින් විදුහල්පති ඒ.ඩී.බී.එල්. ගුණතිලක මහතා විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

     

    විද්‍යාලයේ සිසු දැරියක් විසින් තම නිර්මාණයක් ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

     

    අමාත්‍ය මහින්ද සමරසිංහ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මලිත් ජයතිලක, බස්නාහිර පළාත් අමාත්‍යවරුන් වන රංජිත් සෝමවංශ, සුමිත් ලාල් මෙන්ඩිස්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන කිත්සිරි කහටපිටිය, නිමල් චන්ද්‍රරත්න යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක්ද විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya