මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ දෙවැනි දිනයට රැස්වෙයි- කමිටු සාමාජිකයන් නම් කෙරේ

    මැයි 05, 2016

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ දෙවැනි රැස්වීම අද (05) කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව.9.30ට පාර්ලිමේන්තුවේ දී රැස්විය.

     

    එහිදී ව්‍යවස්ථා මණ්ඩලයේ අතිරේක ලේකම්වරියක ලෙස යුරේෂා ප්‍රනාන්දු මහත්මිය පත් කළ බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් සභාවට දැන්වූ අතර
    එහිදී  අනුකමිටු  හයක් සඳහා කමිටු සභාපතිවරු සහ සමාජිකයන් පත් කිරීමේ නිවේදනය  ඉදිරිපත් කළේ ය.

    මූලික අයිතිවාසිකම් ,අධිකරණ ,මූල්‍ය,නීතිය හා සාමය,මහජන රාජ්‍ය සේවය, මධ්‍යම රජය හා අනෙකුත් රාජ්‍ය යන කමිටු සඳහා මෙලෙස සාමාජිකයන් නම් කළේ ය. අනු කමිටුවල සභාපතිවරු ලෙස පිළිවෙළින්  අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මහින්ද සමරසිංහ, රවුෆ් හකීම්, බන්දුල ගුණවර්ධන, සාගල රත්නායක, කරුණාරත්න පරණවිතාන සහ ඩිලාන් පෙරේරා යන මහත්වරු පත් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya