මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙකුගේ පාර්ලිමේන්තු සේවය තවකාලිකව අත්හිටුවයි

    මැයි 05, 2016

    පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දෙපිරිසක් අතර ඇති වූ ගැටුම පිළිබඳව සිදු කළ පරීක්ෂණයෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාගේ පාර්ලිමේන්තු සේවය සතියක කාලයක් තාවකාලිකව අත්හිටවිමට පර්ලිමේන්තුව තීරණය කළේ ය.



    පසුගිය දා පාර්ලිමේන්තුවේ සභාගර්භය මධ්‍යයේ මන්ත්‍රීවරු දෙපිරිසක් අතර ඇති වූ ගැටම සම්බන්ධයෙන් කතානායකවරයා විසින් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල සහ කාරකසභ සභාපති එස්.අඩෙක්කලනාදන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව මඟින් ඉදිරිපත් කළ නිර්දේශ අනුව මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාගේ සේවය තාවකාලිකව අත් හිටුවීමේ යෝජනාව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දන්වා සිටි අතර සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අදාළ යෝජනාව සභාව වෙත ඉදිරිපත් කළේ ය.



    ඒ අනුව මන්ත්‍රීවරු දෙදෙනාගේ පාර්ලිමේන්තු සේවය තාවකාලිකව අත් හිටුවීමට සභාවේ අනුමැතිය ලැබුණු අතර මෙම තීරණය හෙට සිට (06) ක්‍රියාත්මක වන බව කතානායක කරූ ජයසූරිය මහතා සභාව වෙත දැනුම් දෙන ලදී.







    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya