මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු සම්ප්‍රදායන් නොපිරිහෙළා ආරක්ෂා කරන්න- කතානායක

    මැයි 05, 2016

    ඉදිරියට මෙම උත්තරීතර සභාවේ ගෞරවයට හානිවන ආකරයට කටයුතු කිරීමෙන් වැළකී සිටින ලෙසත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් නොපිරිහෙළා ආරක්ෂා කිරීමට තමන් අවධාරණය කරන බවත් අනාගතයේ මෙවැනි සිදුවීම් ඇති නොවන බවට වග බලගැනීම ජනතා නියෝජිතයින් වශයෙන් අප සියලු දෙනාගේ වගකීම බවත්  කතානායක කරූ ජයසූරිය මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.


    කතානායක කරූ ජයසූරිය මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ, පසුගිය දා පාර්ලිමේන්තුවේ සභාගැබ තුළ මන්ත්‍රීවරු දෙපිරිසක් අතර ඇති වූ සිද්ධිය පිළිබඳ පත් කළ කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව ලැබීමෙන් අනතුරුව සිදුවීම පිළිබඳව තීරණය දැනුම් දීමේ යෝජනාව පාර්ලිමේන්තුවට දන්වා සිටිමිනි.


    පාර්ලිමේන්තුවේ සභාගර්භයේ සිදු වූ කණගාටුදායක සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් කිරීමට කැමැත්තෙමි. මෙවැනි අශෝභන සිද්ධීන් හේතුකොටගෙන පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට සහ මෙම සභාවේ ගෞරවයට හානියක් සිදුවන අතර මහජනතාවගේ දැඩි අප්‍රසාදයට මෙම පාර්ලිමේන්තුව භාජනය වෙයි.


    පාර්ලිමේන්තුවේ මෙන් ම ගරු මන්ත්‍රීවරුන්ගේ ආරෂාවට විශාල තර්ජනයක් එල්ලවන බැවින් අනාගතයේ කිසිදු ආකාරයකට මෙවැනි සිදුවීම් ඇති නොවන බවට වග බලගැනීම ජනතා නියෝජිතයින් වශයෙන් අප සියලු දෙනාගේ වගකීම බව මම අවධාරණය කරමි.

     

    මෙම සභාවට ඊයේ දැනුම්දුන් පරිදි  නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මැතිතුමා සහ නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙක්කලනාදන් මහතා විසින් එකී සිද්ධියට අදළ කරුණු පරික්ෂා කළ බල, මා වෙත වාර්තාවක් ලබාදී ඇත.මෙවැනි සිද්ධි නැවතවරක් ඇති නොවීම තහවුරු කිරීමටත් මෙම සභාවේ චිරාත් කාලයක සිට පැවැත එන උතුම් සම්ප්‍රදායන් ආරක්ෂා කර ගැනීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරගැනීමටත් සභාවේ විනය පවත්වා ගැනීමටත් පියවර ගත යුතු බව සභාවේ අවධානය යොමු කරවමි.


    අදාළ නිරීක්ෂණයට අනුව සිද්ධියට මූලික හේතුව විරුද්ධ පක්ෂයේ අසුන්ගෙන සිටි මන්ත්‍රීවරු කණ්ඩායමක් සහ සභාවේ කටයුතුවලට ඝෝෂ කරමින් බාධා පැමිණ වීමත් ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් සභා ගැබට පැමිණීමත් ඇති වූ කළහ කාරී තත්ත්වය නිසා මෙම බරපතල සිද්ධිය ඇති වූ බව සඳහන් කරමි.

    මෙම සියලු සිද්ධිය හා මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් කරන අතර මින් ඉදිරියට එවැනි සිද්ධීන් සිදු නොකර මෙම උත්තරීතර සභාවේ ගෞරවයට හානිවන ආකරයට කටයුතු කිරීමෙන් වැළකී සිටින ලෙසත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් නොපිරිහෙළා ආරක්ෂා කිරීමට මම අවධාරණය කරමි.

     

    මෙකී සිද්ධියට වගකිව යුතු මන්ත්‍රීවරු අතරින් වඩාත් බලපාන ලෙස විනය විරෝධී ලෙස හැසිරී ඇති බව නිරීක්ෂණය කරන ලද පාලිත තෙවරප්පෙරුම මහතා සහ ප්‍රසන්න රණවීර මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථවර නියෝග 74(02) සමඟ කියවිය යුතු 71(02) ස්ථාවර නියෝග යටතේ එකී මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු සේවය එක් සතියක කාලයකට තාවකාලිකව අත්හිටුවීමට යෝජනාවක් සභාවට ඉදිරිපත් කරන ලෙස සභනායකතුමාගෙන් ඉල්ලා සිටිමි යැයි ද කතානායකවරයා සිය නිවේදනයෙන් ප්‍රකාශ කළේ ය.

     

    සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- ඔබතුමා ලබාදුන් නියෝගය නිහතමානීව පිළිගන්නවා.

     

    කතානයකවරයා- මේ පිළිබඳව විවාදයක් කරන්න බෑ.පූර්ණ විශ්වාසයක් තිබෙනවා. අද පක්ෂ නායක රැස්වීමේ දී මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළා.බහුතරයක් එකඟ වුණා. ඒ අනුව මේ තීරණය ගත්තේ. දෙවැනි කරුණ මම කීපවිටක් අවවාද කළා මම අවස්ථව දෙන්නම් කියලා,ඒ ගැන අවධනය යොමු කළේ නෑ. ඒ නිසා මීට වඩ අවස්ථාව දෙන්න අමාරුයි.සභානායකවරයට යෝජනාව ඉදිරිපත් කරනවා.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා- වෙනත් මන්තිරීවරයකු ප්‍රකාශ කිරීම රීතියට අදාළ නෑ-

     

    සභානායක- ගරු කතානායකතුමනි, හැමදේම කැමරාවල තිබෙනවා.ඒ අනුවයි ඔබතුමා තීන්දුවක් ගත්තේ.


    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා- රටේ ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන.මේක මෙතැන සිදුවෙලා තිබෙනවා.අපි විතරක් දැකලා මේක වහන්න ඕන නෑ.රටේ ජනතාවට මේ තත්ත්වය හොඳින් තේරුම් ගැනීම සඳහා මේ වීඩියෝ පට මාධ්‍ය වෙත නිකුත් කරන්න.


    කතානායකවරයා- අද අපට ඒ අවසරය ලැබුණා.

     

    අමාත්‍ය රාවුෆ් හකීම් මහතා- පැහැදිළිව ඉල්ලා සිටිනවා,සභාවේ සහ මන්ත්‍රීවරුන්ගේ ගෞරවය සහ සමස්ත සභාවේ ගෞරවය ආරක්ෂ කළ යුතුයි කියලා.මේ දේවල් සභාවෙන් පිටතට ගෙන යන්න අවශ්‍ය නෑ. සභාවේ ගෞරවය ආරක්ෂා කිරීමට සියලු දෙනා එක්වී කටයුතු කළ යුතුයි.


    විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා- මෙය මෙතැනින් නැවතිය යුතුයි. මේ සිදුවීම ගැන කණගාටු වෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළා.වර්තාව අනුව තීරණයක් ගෙන තිබෙනවා. මෙතැනින් මෙම කාරණය අවසන් කළ යුතුයි.මේ සභාවේ ගෞරවය සදාචාරය ආරක්ෂා කිරීමට අපි කටයුතු කළ යුතුයි.සිදුවීම් නැවත ඇතිවීමට ඉඩ නොතැබිය යුතුයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya