මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රක්ෂිත තුළ දඬයම් කිරීම නැවැත්වීමට පියවර ගෙන තිබෙනවා

    මැයි 05, 2016

    රක්ෂිත තුළ දඬයම් කිරීම හා හේන් වගාව නැවැත්විමට පියවර ගෙන තිබෙන බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    හේන් වගාව, සතුන් දඬයම් කිරීම හා විවිධ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන්  වනාන්තරවලට හානී සිදුවන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා,වන හානිය සමස්ත ශ්‍රී ලංකාවේ ම දේශගුණික හා ආර්ථික සමාජීය වශයෙන් බලපෑමට ලක්වන බව පෙන්වා දුන්නේ ය.

     

    පසුගිය 2014 සහ 2015 වසරවල වනාන්තර තුළ සතුන් දඬයම් කිරීම නිසා නීතිය ඉදිරියට පැමිණ වූ පුද්ගලයන් සංඛ්‍යාව පිළිවෙළින් 285ක් සහ 411ක් වෙයි.

     

    රක්ෂිතයන්ගේ ආරක්ෂව සඳහා දැනට සිටින මානව සම්පත ප්‍රමාණවත් නොවන බවත් පස් ගුණයකින් සේවක සංඛ්යව වැඩි කළ යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ය.

     

    සමහර දේශපාලණික හේතුන් මත අලි කපොලුවල මිනිස්සු පදිංචි වෙලා ඉන්නවා. එවායින් වහාම ඉවත් වීමට ඉදිරියේ දී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya