මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලුම මැතිවරණ කොට්ඨාශවල ග්‍රාමීය මාර්ග සංවර්ධනය කරනවා-වැඩ ප්‍රමාදය මතයක් විතරයි

    මැයි 05, 2016

    සියලුම මැතිවරණ කොට්ඨාශවල පවත්නා ග්‍රාමීය මාර්ග සංවර්ධනය කරන බවත් සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් ලබාදෙන බවත් මේ වසරේ සියලු වැඩ අවසන් කිරීමට හැකියාව ලැබෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.


    2016 ජනවාරි මස 01 සිට දෙසැම්බර් මස 31 දක්වා මුදල් වර්ෂය සඳහා ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව අද (05) පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදයේ අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

     

    වැට් බදු සංශෝධනය පිළිබඳව විවිධ අඳහස් ප්‍රකාශ වන බැවින්  වැට් බදු 11% සිට 15% දක්වා වැඩි වීම තුළ සමහර විට අවිනිශ්චිතභාවයක් තිබෙනවා,වැට් බද්දට අයත් වන්නේ  මොනාද අයත් නොවන්නේ මොනාද කියලා. වැට් බද්දදට අයත් නොවන විශේෂ වෙළඳ බද්දට අයත් භාණ්ඩ තිබෙනවා. ඒ භාණ්ඩවල ලේඛනය ඉදිරිපත් කරනවා. ගැසට් ප්‍රත්‍රයකින් ඉදිරිපත් කරලා තිබෙන්නේ.ජනතාව අතර අවිනිශ්චිතභාවයක් තිබෙනවා මොකක්ද වැට් බද්දට අයත් නොවන පාරිභෝගික භාණ්ඩ කියලා.ඒ පාරිභෝගික භාණ්ඩ සභාගත කරනවා.

     

    හාල්මැස්සන්,අර්තාපල්,රතුළුණු,බොම්බයි ළුණු,සුදු ළුණු, වටානා සම්පූර්ණ, වටානා පියලි,කඩල සම්පූර්ණ, කඩල වියළි කළ,මුං ඇට,පරිප්පු සම්පූර්ණ, පරිප්පු වියලි කළ,මිරිස්කුඩු,ටින්මාළු,සීනි,උදු,කවුපි,කුරක්කන්,උම්බලකඩ,කරවල,දෝඩම්,මිදි,ඇපල්, කොත්තමල්ලි,සූදුරු,මහදුරු,කහ, උලුහාල්,කුරක්කන් පිටි, උදු පිටි,රට කජු,අඹ, එළවළු තෙල්,ෆාම් ඔයිල්,මාළු,මැකරල් මාළු,යෝගට්,බටර්,මාජරින්,ලුණු,රටඉදි,මේ කිසිම භාණ්ඩයක් වැට් බද්දට යටත් වෙන්නේ නෑ.මෙය ගැසට් කරලා තියෙනවා වෙළඳ භාණ්ඩ බද්ද යටතේ වැට් නැ කියලා.ඒ නිසා මේ පාරිභෝගික භාණ්ඩ වැට් බද්දට අසු වෙන්නේ නෑ කියලා පැහැදිලිව ප්‍රකාශ කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය

     

    අන්දරවැව සිට හම්බන්තොට දක්වා මාර්ගය සිවිල් වැඩ සියයට 25%ක්, පිටත වටරවුම අධිවේගී මාර්ගය අදියර තුන සියයට 17%කින් වැඩ අවසන් කර තිබෙනවා.මධ්‍යම අධිවේගී මාරගය කිලෝමීටර 179, කඩවත සිට මීරිගම දකවා කිලෝමීටර 37.9 සිවිල් වැඩ සියයට 10ක් අවසන් කර තිබෙනවා.මීරිගම,අඹේපුස්ස, කුරුණැගල ප්‍රවේශමාර්ගය කොන්ත්‍රාත්තුව පිරිනැමීම සිදුකරගෙන යනවා.රත්නපුර අධිවේගී මාර්ගය කිලෝමීටර 74ක් සක්‍යතා වාර්තාව අවසන් කර තිබෙනවා.භාණ්ඩාගාරයේ ප්‍රමදයක් නැතිව අවශ්‍ය ප්‍රමාණය දෙන්න පුළුවන්කමක් ලබෙනවා.


    2016 සිට 2019 දක්වා සැලසුම් කර ඇති මාර්ගවල 2016 ඉලක්කය, වරාය ප්‍රවේශ මාර්ගය කොන්ත්‍රාත්තුව පිරිනැමීම කිරීම, බතතරමුල්ල සිට අතුරුගිරිය දක්වා කණුමත ඉදිකෙරෙන මාර්ගය ශක්‍යතා වාර්තාව අවසන් කිරීම,ගාලු මුවදොර මොරටුව දක්වා දිවෙන සමුද්‍ර මාවත වැල්ලවත්ත සිට දෙහිවල දක්වා නිමකිරීම, බේස්ලයින් මාර්ගයේ අදියර තුන ක්‍රියාත්මක කිරීම,සියයට 50%කින් සිවිල් වැඩ නිම කිරීම,සුදුහුම්පොළ සිට තැන්නෙකුඹුර දක්වා උමං මාර්ගය ඉදිකිරීම,මහනුවර නගරයේ මූලික සැලසුම් නිමකිරීම,පොළොන්නරුව වටරවුම් මාර්ගයේ සංවර්ධන ව්‍යාපෘතිය සියයට සියයකින් නිම කිරීම,2016 සිට 2019 දක්වා සැලසුම් කර ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලින් දක්ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධ මාර්ග සංවර්ධනය සියයට සියයකින් නිම කිරීම,කොළඹ අවට ප්‍රධාන මාර්ග පුළුල් කිරීම,මහනුවර පිවිසුම් මාර්ග සංවර්ධනය,මහවැලි ගඟ හරහා නව පාලමක් තැනීම,නව කැළණි පාලම සියයට 10කින් නිම කිරීම, සියලුම මැතිවරණ කොට්ඨාශවල දැනට පවත්නා මාර්ග සංවර්ධනය කිරීම,ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම, වසර 2015 වැඩ සියල්ල නිමකිරීම සඳහා ආධාර හා ලැබෙන මුදල් එක්ක ප්‍රමාද නොවී වැඩ කිරීමට පුළුවන්.වැඩ ප්‍රමාදය කියලා මතයක් තිබුණා.මේ වසරේ අවසන් කරන්න පුළුවන්කමක් ලැබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya