මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බොළඳ, හරසුන් නිර්මාණ වෙනුවට උසස් පිරිපුන් නිර්මාණ බිහි කරන්නත් හිස් මිනිසුන් වෙනුවට පරිපූර්ණ මිනිසුන් බිහි කරන්නත් අවධානය යොමු කළ යුතුයි

    මැයි 04, 2016

    බොළඳ හරසුන් නිර්මාණ වෙනුවට උසස් පිරිපුන් නිර්මාණ වැඩි වැඩියෙන් බිහි කරන්නත් හිස් මිනිසුන් වෙනුවට පරිපූර්ණ මිනිසුන් බිහි කරන්නත් අපි කාගෙත් අවධානය යොමු කළ යුතුව තිබෙන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි.


    පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේ ගෙන එන යෝජනාවේ විවාදයට අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

     

    කලාව සහ ජනතාවගේ රසාඥතාව ඉහළ නැංවීම සඳහා කටයුතු කිරීමේ වැදගත්කම මෙන් ම කලාකරුවන්ගේ සුබසිද්ධිය උදෙසා කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් මන්ත්‍රීවරයා සිය යෝජනාව ගෙනාවේය.

     


    ''මේ වර්ෂය අපේ රටේ කලාව, සාහිත්‍ය, සිනමාව ආදී ක්ෂේත්‍රවලට සුවිශේෂී වැදගත්කමක් ඇතිකරන වර්ෂයක්.මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මහා කෘතියක් වන මනමේ නාට්‍යයටත්, සිංහල සිනමාවට දැවැන්ත පරිවර්තනයක් ඇති කළ ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් ශූරීන්ගේ රේඛාව චිත්‍රපටයටත්,හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ විරාගය නව කතාවටත් අවුරුදු 60ක් පිරෙන වර්ෂය හැටියට මේ වර්ෂය අපි දකිනවා.

     

    මේ යෝජනාව ගෙන එන්නේ ජනතාවගේ රසාඥතාව වැඩි කිරීමේ අරමුණ ඇතිවයි.වර්තමානයේ බිහිවන කලා නිර්මාණවල ප්‍රමිතිය පිළිබඳ විවේචන කොහොම තිබුණා වුවත් සරත්චන්ද්‍රයන්ගෙන් පසු යුගවලත් විටින් විට උසස් කලා නිර්මාණ බිහි වී තිබෙන බව සිහිපත් කළ යුතුයි.

     

    ආචාර්ය කේමදාස ශූරීන් නාට්‍ය ශෛලිය තවදුරටත් ඉදිරියට ගෙන යමින් ඔපෙරා නාට්‍ය සම්ප්‍රදායක් අපේ රටට හඳුන්වාදුන්නා.උසස් රසවින්දනය පිළිබඳව, උසස් නිර්මාණ බිහිවීම පිළිබඳව පවතින පසුබෑම ගැන අපගේ අවධානය යොමු කළ යුතුයි.ඊට අවශ්‍ය පිළියම් යොදන්න අප කාටත් වගකීමක් තිබෙනවා.

     

    අද මාධ්‍ය මඟින් සිදුවන බලපෑමත් විශාලයි.සරත්චන්ද්‍රයන් සිටි 60-70 දශකයේ මේ රටේ තිබුණේ මාධ්‍ය ආයතන කීපයක් විතරයි.විද්‍යුත් මාධ්‍ය කියලා තිබුණේ ගුවන්විදුලි සංස්ථාව විතරයි.ඒ කාලයේ මේ මාධ්‍ය ආයතන මඟින් කලාවටත් කලාත්මක වින්දනයටත් උපරිම සේවයක් ලැබුණා.කෙසේ වෙතත් රටේ අනෙක් ක්ෂේත්‍ර වගේම කලා ක්ෂේත්‍රය කිසියම් පිරිහීමකට ලක්වෙලා කියන විවේචනය කා අතරත් කතාවෙනවා කියලා අහන්න ලැබෙනවා.

     

    ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳ අවධානය යොමු කරලා, ඉතාම කෙටිකාලයක් තුළ පියවර රාශියක් ගෙන තිබෙනවා.ටෙලිනාට්‍ය ගුණාත්මකභාවය පිළිබඳ බරපතල ගැටළුවක් තිබුණා.අපි ටෙලිනාට්‍ය ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන් ම ඉවත් කළා.අක්‍රමිකතා,අශීලාචාර ක්‍රමවේද,සියල්ලම ඉවත් කරලා,විද්වත් කමිටුවක් මඟින් ගුණාත්මක ටෙලිනාට්‍ය මාධ්‍ය තුළින් බිහිකරන්න පුළුවන් තත්ත්වයක් ඇතිකරන්න උත්සහ ගෙන තිබෙනවා.

     

    අපි අමාත්‍යාංශය හැටියට රාජ්‍ය මාධ්‍ය ආයටහන,කලාකරුවන් ප්‍රයෝජනයට ගෙන පාසල් මට්ටමින් කලා රශවින්දනය දරුවන් තුළ ඇති කිරීම සඳහා අවධානය යොමු කර අනාගතයේ වැඩසටහන් රැසක් ගම්මට්ටමින් ආරම්භ කරන්න කටයුතු කරනවා.

     

    පැරණි කලාකරුවන්ගේ ප්‍රතිභාව වර්තමාන පරපුරට දැකගැනීමට සැලැස්වීම සඳහා අලුත් වැඩසටහන් එකෙනෙක ආරම්භ කරනවා.සී.ටී. ප්‍රනාන්දුගේ ''සීගිරි සුකුමාලියේ'' ප්‍රසංගය, ගීත කොකිළා ලතා වල්පොල මහත්මියගේ ''රොන්සොයා''වැනි වැඩසටහන් අපි ආරම්භ කළා.


    අපේ අමරදේව ශූරීන් අපේ රටට තිබෙන විශාල සම්පතක්.අමරදේව ශූරීන්ගේ නමින් සංගීත අසපුවක් හදන්න බලාපොරොත්තුවක් තිබෙන බව එතුමා කිව්වා.මම ඒ පිළිබඳව අවධානය යොමු කරලා, අතිගරු ජනාධිපතිතුමාට හා අග්‍රාමාත්‍යතුමාට දන්වලා,ආශිර්වාදය ඇතිව අපි දැවැන්ත සංගීත අසපුවක් නිර්මාණය කිරීම ගැන සාකච්ඡා කළා. හොරණ ප්‍රදේශයෙන් ඒ සඳහා ඉඩමක් ද සොයා බැලුවා.


    රසඥතාව වැඩිදියුණූ කිරීම පාසල් මට්ටමින් ම ආරම්භ කළ යුතුයි.සෞන්දර්ය විෂය අනිවාර්ය වෙනවා නම් අපේ රටේ බොහෝ ප්‍රශ්න විසදෙන්න පුළුවන්. බොළඳ හරසුන් නිර්මාණ වෙනුවට උසස් පිරිපුන් නිර්මාණ වැඩි වැඩියෙන් බිහි කරන්නත් හිස් මිනිසුන් වෙනුවට පරිපූර්ණ මිනිසුන් බිහි කරන්නත් අපි කාගෙත් අවධානය යොමු කළ යුතුව තිබෙන්නේ.

     

    අපේ අග්‍රාමාත්‍යතුමා සිනමාව,සාහිත්‍ය ,කලාව ගැන පුදුම දැනුමක් තිබෙන පුද්ගලයෙක්.මනමේ නාට්‍යට වසර හැටක් සපිරීම වෙනුවෙන් කමිටුවක් පත් කරලා, විශාල වැඩකොටසක් එතුමා කරනවා.අපේ ජනාධිපතිතුමාට කලාව ඇගේ තිබෙනවා.කලාව රසවිදින ගතිය එතුමාට තිබෙනවා. කලාකරුවන්ට ලැදියාවක් තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශය හැටියට මේ අඳහස් ඉතාම ඉහළින් බාරගන්නවා.මෙය ඉතාමත් අර්ථවත් යෝජනාවක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya