මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ජාතික පර්යේෂණ සහ සංවර්ධන යෝජනාවලිය'' ජනපතිට

    මැයි 05, 2016

    ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයට අදාළව කළ යුතු පර්යේෂණ සහ සංවර්ධන කටයුතු විදහා දක්වමින් ශ්‍රී ලාංකික විද්‍යාඥයින්ට සහ තාක්ෂණවේදීන්ට මග පෙන්වීම සිදුකර ඇති ''ජාතික පර්යේෂණ සහ සංවර්ධන යෝජනාවලිය'' ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.

    ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ මූලිකත්වයෙන් ශ්‍රී ලාංකික විද්‍යාඥයින්, තාක්ෂණවේදීන්, සමාජ විද්‍යාඥයින් සහ විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් ''ජාතික පර්යේෂණ සහ සංවර්ධන යෝජනාවලිය''සකස් කර තිබේ.

    ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ධම්මික තන්ත්‍රීගොඩ මහතා විසින් මෙම නව යෝජනාවලිය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර එම අවස්ථාවට විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සහ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා ද එක්විය.

    සංවර්ධන කටයුතු වලට අදාළ ගැටලූ වලට පිළිතුරු වශයෙන් විද්‍යාව හා තාක්ෂණය මගින් කළ යුතු ප්‍රධාන මැදිහත් වීම් ක්ෂේත්‍ර 10 ක්  ඔස්සේ ජාතික පර්යේෂණ සහ සංවර්ධන යෝජනාවලිය සකස් වී තිබේ.

    එක් එක් විෂයන් වලට අදාළ ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡාවකින් අනතුරුව ඉදිරි පියවර ගැනීමට ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya