මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයට පවතින ආර්ථිකයට මුහුණ දෙන්න ලොකු ශක්තියක් තිබෙනවා

    මැයි 04, 2016

    වත්මන් රජයට පවතින ආර්ථිකයට මුහුණ දෙන්න ලොකු ශක්තියක් තිබෙනවා. 21 වැනි ශත වර්ෂයේ ඉන්න අපේ රට හොඳ ආර්ථික මට්ටමක ඉන්නවා යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය  නවීන් දිසානායක මහතා පවසයි.

     අමාත්‍යවරයා මේ බව අද (04) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, ක්ෂුද්‍ර මූල්‍ය පනත් කෙටුම්පත පිළිබඳව පැවැති විවාදයේ අඳහස් දක්වමිනි.

     

    ක්ෂුද්‍ර මූල්‍ය පනත හොඳ පනතක්. මෙය බංග්ලාදේශයේ ආචාර්ය මොහොමඩ් යුනුස් මහතා ව්‍යාප්ත කළා. එමෙන්ම මයික්‍රො සංකේතය හරියට රටේ ව්‍යාප්ත කළොත්  රටේ දරිද්‍රතාවය මන්ද පෝෂණය අඩු කරන්න පුළුවන්. අගමැතිතුමාගේ දර්ශනය අනුව මෙය සම්මත කරගත යුතුයි. 21 වැනි ශත වර්ෂයේ ඉන්න අපේ රට හොඳ ආර්ථික මට්ටමක ඉන්නවා. නියාමනයක් නැති වුණොත් අපේ රටේ ආර්ථිකය අසාර්ථක වේවි.

     

    ඇමෙරිකානු ඩොලර් මිලියන 9ක් පසුගිය රජය කාලයේ දී ලබාගෙන තිබෙනවා. වත්මන් රජයට පවතින ආර්ථිකයට මුහුණ දෙන්න ලොකු ශක්තියක් තිබෙනවා. රටේ ආර්ථිකය පිළිබඳ බොරු චිත්‍ර මවන්න එපා. 2009දීත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගත්තා. මේ ආර්ථිකයේ කඩා වැටීමක් නැහැ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya