මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේන් පිටවී සිටින අපේ පුරවැසියන්ට ශ්‍රී ලංකාවට පැමිණ පදිංචි වීමටත් පුරවැසිකම ලබාදීමටත් පියවර ගෙන තිබෙනවා

    මැයි 04, 2016

    ශ්‍රී ලංකාවෙන් පිටවෙලා, ඉන්දියාවටත් අනෙක් රටවලට ගිය අපේ පුරවැසියන්ටත් ඒ අයගෙන් පැවතෙන අයටත් යළි ලංකාවට පැමිණ පදිංචි වීමටත් පුරවැසිකම ලබාදීමටත්  පියවර ගෙන තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (04)පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.

     


    ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තිබෙන්නේ කෝළහල නිසා 1983න් පසුව ලංකාවෙන් පිටවෙලා, ඉන්දියාවටත් අනෙක් රටවලට ගියේ,අපේ පුරවැසියන්ටත් ඒ අයගෙන් පැවතෙන අයටත් යළිත් ලංකාවට ඇවිත් පදිංචි වෙන්න.පුරවැසිකම ලබාදෙන්නත් අපි පියවර අරගෙන තිබෙනවා. සමහර අය වෙනත් රටවල පුරවැසිකම ලබාගෙන ලංකාවේ ද්විතියික පුරවැසිකම ඉල්ලා තිබෙනවා.ඒ අයටත් පුරවැසිකම දීමේ,ක්‍රමවේදය දීර්ග කර තිබෙනවා.ලංකාවට ඇවිත් පදිංචි වෙන්න ඕන අයටත් පදිංචි වෙන්න ඕන අවස්ථාව අපි ලබාදී තිබෙනවා.ඉන්දියාවේ ඉන්න සරණාගතයිනුත් මේ ගණයට ඇතුළත් වී තිබෙනවා.ශ්‍රී ලංකාවට ඇවිත් පදිංචි වෙන්න ඕන අයටත් පදිංචි වෙන්න අවස්ථාව ලබාදී තිබෙනවා.සරණාගතයින් පිළිබඳව ඉන්දියාවේ සිදුවන ක්‍රියාදයමය පිළිබඳ වාර්තාවක් ඉල්ලුව.

     

    දැනට සරණාගාතයින් ලෙස ඉන්දියාවේ සිටින  ජනතාවගේ දරුවන්ගේ උපත ලියාපදිංචිය සඳහාත් එම ජනතාවගේ විවාහය ලියාපදිංචිය සඳහාත් චෙන්නයි නියෝජ්‍ය මහකොමසරිස් කාර්යාලය හරහා අවශ්‍ය පහසුකම් සළසා ඇත. ඒ සඳහා නියෝජ්‍ය මහකොමසාරිස්වරයා සහකාර රෙජිස්ටර් ජනරාල් වරයෙක් පත් කර ඇත.


    2003 වසරේ සිට වයස අවුරුදු 22ට අඩු දරුවන් පුරවැසියන් ලෙස පදිංචි කිරීම සඳහා මූලික ගාස්තුවක් හෝ ප්‍රමාද ගාස්තුවක් අය කරනු නොලැබේ.අවුරුදු 22 ට වැඩි දරුවන් සඳහා මෙම ක්‍රමවේදය අනුගමනය කිරීම සඳහා කටයුතු කරමින් පවතී. ඉන්දියාවේ සිට සරණාගත ජනතාවට මෙරටට පැමිණීම සඳහා අවශ්‍ය ගමන් බලපත්‍ර අගමන හ විගමන දෙපාර්තමේන්තුව විසින්   සති දෙකක් හා හතරක කාලයක් තුළදී සකස් කිරීමට කටයුතු කරනු ලබන බවද අග්‍රාමාත්‍යවරයා පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya