මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික දියුණුවක් මේ රටේ ඇති වෙන්න පුළුවන්,අධ්‍යාපන ක්‍රමය නවීකරණය කරනවා නම් පමණයි

    මැයි 04, 2016

    නිදහස් අධ්‍යාපන ක්‍රමය ඉවත් කරන්නට වුවමනා නෑ.විශ්වවිද්‍යාල ක්‍රමය ගැන, විශ්වවිද්‍යාල ව්‍යුහය ගැන අලුතින් හිතන්නට තිබෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දී මිනිස් සම්පතින් වුවමනා ප්‍රයෝජනය ගන්නේ නෑ. ආර්ථික දියුණුවක් මේ රටේ ඇති වෙන්න පුළුවන්, අධ්‍යාපන ක්‍රමය නවීකරණය කරනවානම් පමණයි''යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

     

    අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,අද (04) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා විසින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය පිළිබඳව මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    අපේ අධ්‍යාපන ක්‍රමයේ අංශ ගණනාවක් තිබෙනවා,අමාත්‍යවරු ඉන්නවා ඒ පිළිබඳව පියවර ගන්නවා. අපි ප්‍රථමයෙන් බලන්න තියෙන්නේ පසල් අධ්‍යාපනය ගැනයි.පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරන අලුත් අධ්‍යාපන ජාතික වැඩපිළිවෙලක් දැන් අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශකවරු සකස් කරගෙන යනවා.කෙටුම්පත සකස් කළාම පාර්ලිමේන්තුවේ තේරුම් කාරක සභවෙත් අඳහස් අරගන්න.

     

    අපි අධ්‍යාපනයට ජාතික මට්ටමේ පමණක් නොවේ පළාත් සභාවටත් අධ්‍යාපන වැඩකටයුතු ක්‍රියාත්මක කරන්නත් අන්තිම වාර්තාව කැබිනට් මණ්ඩලයට ලබාදෙන්නත් නීති සකස්  කරන්න ඕන.පාසල් අධ්‍යාපනය අපි සකස් කරන්නේ නැත්නම්,උසස් අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජනය ලබාගන්නට බැරි වෙනවා.

     වෘත්තීය අධ්‍යාපන ක්‍රමය සකස් කරන්න,අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනවා,උසස් අධ්‍යාපනය,විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන අපේ අවධානය යොමු වී තිබෙන්නේ.විශ්වවිද්‍යාල පනත 1978 සකස් කළේ. මේ අවස්ථාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපති, ඒ කොමිෂම එකඟ වී තිබෙනවා,බලතල ආපසු විශ්වවිද්‍යාලවලට දෙන්න ඕන කියලා.විශ්වවිද්‍යාලවලට අපි බලය ලබාදෙන්න ඕන, දියුණුවක් ඇති කරගන්න.නිදහස් අධ්‍යාපන ක්‍රමය ඉවත් කරන්නට වුවමනා නෑ.නිදහස් අධ්‍යාපන ක්‍රමය නැති කරන්නේ නෑ.විශ්වවිද්‍යාල ක්‍රමය ගැන,විශ්වවිද්‍යාල ව්‍යුහය ගැන අලුතින් හිතන්නට තිබෙනවා.බලතල වැඩිපුර විශ්වවිද්‍යාලවලට දෙන්න සිදුවෙනවා.විෂයමාලා දියුණු කරන එක, විශ්වවිද්‍යාල ගණනාවක් අද මූලික උපාධියට සීමා වෙලා තිබෙනවා.පශ්චාත් උපාධි දියුණුවක් සිදුවන්නේ නෑ.වෙළඳපොළ සමඟ එකතු කරන්න ඕන.

     

    අපේ ප්‍රධානම සම්පත මිනිස් සම්පතයි.විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දී මිනිස් සම්පතින් වුවමනා ප්‍රයෝජනය ගන්නේ නෑ.අපේ බලාපොරොත්තුව,සෑම දරුවෙකුටම පෙර පාසල් අධ්‍යාපනය ලබාදෙන්න,අවුරුදු 13ක අධ්‍යාපනය ලබාදෙන්න,යම් කිසි රැකියා පුහුණුවක් ලබාදෙන්න,හොඳ විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබාදෙන්න,අපි බලාපොරොත්තු වෙන්නේ.සිසු සිසුවියන්ට හොඳ අනාගතයක් ලබාදෙන්න .ආර්ථික දියුණුවක් මේ රටේ ඇති වෙන්න පුළුවන්,අධ්‍යාපන ක්‍රමය නවීකරණය කරනවානම් පමණයි.

     

    අපි විශ්වවිද්‍යාල දාන්නේ නැතිව,අපි හැම පාසලකම විද්‍යාගාර හදන්න පටන් ගත්තා.ඒවාගෙන් අපි ප්‍රයෝජනයක් අරගෙන නෑ. දැනට උපාධි ලබාදෙන ආයතන හැටියට මේ ආයතන පාලනය කිරීමට වුවමනා බව පිළිගන්න නිසා ඒ පිළිබඳ නීති කෙටුම්පත් සභාවට ඉදිරිපත් කරන්න අමාත්‍යතුමා බලාපොරොත්තු වෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya