මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මූල්‍ය ආයතන නියාමනය කෙරෙන ක්ෂුද්‍ර මූල්‍ය පනත් කෙටුම්පත විවාදයට-අපේ රටේ වැදගත් කොටස බිම් මට්ටමේ ආර්ථිකයයි- අගමැති

    මැයි 04, 2016

    අපේ රටේ වැදගත් කොටසක් තමයි බිම් මට්ටමේ ආර්ථිකයයි.එය ශක්තිමත් කරන්න අවශ්‍යයි.මූල්‍ය ආයතන නිසි  ආකාරයෙන් නියාමනය නොකිරීම නිසා ග්‍රාමීය මට්ටමින් සාමාන්‍ය ජනතාවට මූල්‍ය සමාගම්වලට යොදපු මුදල් අහිමි වී තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

     

    මූල්‍ය ආයතන නියාමනය කෙරෙන ක්ෂුද්‍ර මූල්‍ය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ අඳහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

     


    විශාල ප්‍රමාණයක් අපේ රටේ මූල්‍ය ආයතන ක්‍රියාත්මක වෙනවා, ජාතික මට්ටමේ සිට ප්‍රාදේශීය මට්ටම දක්වා. බැංකු සහ මූල්‍ය සමාගම් සම්බන්ධයෙන්, ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සම්බන්ධයෙන් බැලූ විට නීති ප්‍රමාණවත් නෑ. නොයෙක් කටකතා තිබෙනවා, මේ පිළිබඳව.නොයෙක් සූරාකෑම් සිදුවෙනවා.මූල්‍ය සමාගම් බැලුවොත් සමාගම් 10ක් හෝ 11ක් අපේ රටේ බංකොලොත් වී තිබෙනවා.ඔවුන් අලාභ ලබන තත්ත්වයට පත් වෙමින් තිබෙනවා.ආයෝජකයින්ට, මුදල් තැම්පත් කරපු අයට, පහළ මධ්‍යම පන්තියේ ජනතාවට බලපෑමක් වී තිබෙනවා.

     

    මේවා නිසිආකරයට නියාමනය කිරීමක් සිදු වී නෑ.ග්‍රාමීය මට්ටමින් සාමාන්‍ය ජනතාවට මූල්‍ය සමාගම්වලට යොදපු මුදල් අහිමි වී තිබෙනවා, නිසි ආකාරයෙන් මේවා නියාමනය නොකිරීම නිසා.ජාතික මට්ටමේ කටයුතු ප්‍රමාණවත් වන්නේ නෑ, නිසි ආකාරයෙන් නියාමනය නොකළහොත් ඒවා  රටට තර්ජනයක් වෙනවා.ඔවුන්ට පුළුවන් වෙනවා, රටේ ආර්ථිකය ඔවුන්ගේ අතට ගන්න.ඒ නිසා ප්‍රාග්ධන හා කොටස් වෙළඳපොළේ,කීපදෙනෙකු විසින් එම වෙළඳපොළ හසුරුවන්න උත්සහ කරනවා.

     


    ආර්ථිකය කඩාවැටෙනවා කිව්ව අයම අපේ රටේ ආයෝජනය කරන්න උනන්දු වෙනවා.අද පි ක්ෂුද්‍ර මූල්‍ය පිළිබඳව කතා කරන්නේ.විශාල පිරමිඩ් යෝජනා ක්‍රම අපේ රටේ ඉදිරිපත් වී තිබෙනවා.මේ සෑම පිරමිඩ් යෝජනා ක්‍රමයකම විශේෂත්වය වන්නේ,මේවා ගොඩක් තිබෙන්නේ තිස්සමහාරාමය,හම්බන්තොට ප්‍රදේශවලයි.අපි නිසි ආකාරයට නීතිය ක්‍රියාත්මක කරන්න අසමත් වුණා වෙන්න  පුළුවන්.


    පනත් කෙටුම්පත සම්මත කළාම අදාළ කාරක සභාවට පුළුවන්,මේ පිළිබඳව තවත් යෝජනා කරන්න පුළුවන්, තවත් ගත යුතු පියවර කුමක් ද කියලා. මෙම මූල්‍ය සමාගම් කළමනාකරණය කිරීම සහ ඔවුන්ගේ බලපත්‍ර ලබාදීම කෙරෙහි නීති ඉදිරිපත් කර තිබෙනවා.

     

    මේ කාලය තුළ සිදුව තිබෙන්නේ සූරාකෑම පමණයි.මේක අවසානයට පත් කරන්නට ඕන.නීති සම්පාදනය පළමුවන පියවර. අපේ රටේ වැදගත් කොටසක් තමයි බිම් මට්ටමේ ආර්ථිකය.එය ශක්තිමත් කරන්න අවශ්‍යයි.අද සංවර්ධන ක්‍රියාවලිය තුළ මහා පරිමාණ ආයෝජන සිදු වෙනවා.අපිට ශක්තිමත් දේශීය ආර්ථිකයක් තිබීම අවශ්‍ය වෙනවා.කුඩා ආයතන පිළිබඳව අවධානය යොමු කරන්න ඕන.කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායන් ඉතාම වැදගත්.ආයෝජනය ආකර්ෂණය කරගැනීමට අවශ්‍යයි යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya