මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ සිදුවීම පිළිබඳ මූලික පරීක්ෂණ වාර්තාව කතානායකවරයාට ලබාදෙයි

    මැයි 04, 2016

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙපිරිසක් අතර ඊයේ (03) පාර්ලිමේන්තුවේ ඇති වූ සිදුවීම සම්බන්ධව සිදු කළ මූලික පරීක්ෂණ වාර්තාව තමා වෙත ලැබුණු බව කතානායක කරූ ජයසූරිය මහතා මීට සුළු මොහොතකට පෙර අද (04)පාර්ලිමේන්තුවේ දී පැවසී ය.


    සිදුවීම පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකොට වාර්තාවක් ලබාදෙන ලෙස කතානයකවරයා විසින් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා වෙත සහ කාරකසභා සභාපති එස්.අඩෙක්කලනාදන් මහතා වෙත ඊයේ දැන්වීය.


    ඒ අනුව වාර්තාව සඳහා නිර්දේශ හා කරුණු කීපයක් ඇතුළත්ව සකස් කළ මූලික වාර්තාව කතානායකවරයා වෙත ලබාදීමට කටයුතු කළ බවද මාධ්‍ය වෙත අඳහස් දක්වමින් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පැවසී ය.

     

    ලබාදී ඇති වාර්තාව සළක බලා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා හෙට පෙ.ව.09.00ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරකසභා රැස්වීමක් පැවැත්වෙන බවද කතානායකවරයා සභාව වෙත දන්වා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya