මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපත් හා ප්‍රබුද්ධ ජන සමාජයකට මාධ්‍ය බලධාරීන් කැපවිය යුතුයි

    මැයි 04, 2016

    මානව සමාජයේ යහපැවැත්ම සහ ප‍්‍රබුද්ධ ජන සමාජයක් ගොඩනැගීම සඳහා වූ සිය වගකීම් ඉටු කිරීමට මාධ්‍ය ආයතන බලධාරින් කැපවිය යුතු බව ජනපති අවධාරණය කරයි.

    විවේචන, චෝදනා, අඩු පාඩු පෙන්වාදීම මෙන්ම රටේ ඉදිරි ගමන වෙනුවෙන් සත්‍ය ඇති සැටියෙන් ජනතාව අතරට ගෙන යමින්, ජනතාවට නිවැරදි තොරතුරු ලබාදිම මාධ්‍ය ආයතනවල සහ මාධ්‍යවේදින්ගේ වගකීමක් බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    ශී‍්‍ර ලංකාවේ යහපත් ජනමාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීම සඳහා විශ්ව විද්‍යාල ජනසන්නිවේදන ආචාර්ය සංගමය විසින් සම්පාදනය කරන ලද යෝජනා මාලාව ජනාධිපති  මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ  (03) දහවල් කොළඹ ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී සිදු වූ අතර එහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

    විශ්වවිද්‍යාල ජනසන්නිවේදන ආචාර්ය සංගමයේ සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසින් යෝජනා මාලාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    වත්මන් රජය නිදහස් මාධ්‍ය ප‍්‍රතිපත්තිය ඉතා ඉහළින් පිළිගන්නා, මාධ්‍ය නිදහස අගය කරන රජයක් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා රටේ දීර්ඝ කාලීන හඩක් බවට පත්ව ඇති තොරතුරු දැන ගැනීමේ පනත ද ළඟදීම පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා බව ප‍්‍රකාශ කළේය.

    රාජ්‍ය නොවන ඇතැම් මාධ්‍ය ආයතන බලධාරින් තම දේශපාලන සහ සංස්කෘතික සංකල්පයන් අනුව පමණක් කටයුතු කරමින් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රට තුළ තහවුරු වී ඇති මාධ්‍ය නිදහස කොතෙක් දුරට සාදාචාර සම්පන්න ලෙස රට සහ ජාතිය වෙනුවෙන් භාවිතා කරන්නේ ද යන්න පිළිබ`ද ඔවුන් වගකීමෙන් කටයුතු කළ යුතු බව ද කියා සිටියේය.

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ, ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක, කලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචර්ය සම්පත් අමරතුංග, ශී‍්‍ර පාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය රංජන් හෙට්ටිආරච්චි, කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ පීඨාධිපති මහාචාර්ය වන්නිගමගේ චන්ද්‍රදාස, පුවත්පත් මණ්ඩලයේ සභාපති නීතිඥ කොග්ගල බන්දුල වෙල්ලාල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya