මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව බංග්ලාදේශයේ පැසසුමට

    මැයි 04, 2016

    ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ලබා ඇති ප්‍රගතිය බංගලාදේශ සෞඛ්‍ය අමාත්‍ය මොහොමඩ් නසිම් මහතාගේ පැසසුමට ලක් වෙයි.

    නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින බංගලාදේශ සෞඛ්‍ය අමාත්‍ය මොහොමඩ් නසිම් මහතා ඊයේ (03) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කෙරිණි.

    ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව පිළිබඳ අධ්‍යයනයක් සිදු කිරීමට බංගලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබේ.

    මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් බංගලාදේශ රජයෙන් ලබාදිය හැකි සහයෝගයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

    සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් කාසීම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya